Sakiya Sagawwata Rodaya Song Lyrics - සකිය සඟව්වට රෝදය ගීතයේ පද පෙළ

Sakiya Sagawwata Rodaya Song Lyrics - සකිය සඟව්වට රෝදය ගීතයේ පද පෙළ
Song Title : Sakiya Sagawwata Rodaya (සකිය සඟව්වට රෝදය)
ගායනය : රෝහණ බැද්දගේ
සංගීතය : රෝහණ බැද්දගේ
[පාරම්පරික කරත්ත කවි අශ්‍රයෙනි]


හෝ හෝ..............හේයි....!

හෝ හෝ හෝ හෝ හෝ හොහෝ.. [තදෙන තනා]
හෝ හෝ හෝ හෝ හෝ හොහෝ.. [තෙයිතන තනා]

සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
- දියපල්ලේ තිබෙයි අල [දෙයියන්ගේ පිහිටයි]
සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොල
- දියමතුපිට තිබෙයි කොල [ගලෙලි හඥයි]

වැස්සට පිණි බබා මෝරන කැකුළු මල [හා..හෝ..]
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල [තම්දෙන තනා]
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල

සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..
සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..

සසඳ සසඳ සඳ පානේ අපි යනවා
- සඳ පානේ අපි යනවා [දෙයියන්ගේ පිහිටයි]
මක්කොලි බඳට ගොන් බානක් බැඳයනවා
- ගොම්බානක් බැදයනවා [ගලෙලි හඥයි ]

සකිය සගව්වට රෝදය කැරකෙනවා [හා..හෝ..]
දත් කැකුලට නාරම්මල ලත වෙනවා [තම්දෙන තනා]
දත් කැකුලට නාරම්මල ලත වෙනවා

සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..
සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..

සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට
- සඳ පොබයන සාවුන්ට [දෙයියන්ගේ පිහිටයි]
මක්කොලි බඳට දුටු විගසට ගිරවුන්ට
- දුටු විගසට ගිරවුන්ට [ගලෙලි හඥයි]

පදින සැරේ.....රොන් ගෙන යන බඹරුන්ට [හා..හෝ..]
වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට [තම්දෙන තනා]
වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට

සකිය සගව්වටට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..
සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sakiya Sagawwata Rodaya Song Lyrics - සකිය සඟව්වට රෝදය ගීතයේ පද පෙළ Sakiya Sagawwata Rodaya Song Lyrics - සකිය සඟව්වට රෝදය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 06, 2021 Rating: 5

0 comments:

Post a Comment