Nadee Ganga Tharanaye Song Lyrics - නදී ගංගා තරණයේ ගීතයේ පද පෙළ

Nadee Ganga Tharanaye Song Lyrics - නදී ගංගා තරණයේ ගීතයේ පද පෙළ
Song Title : Nadee Ganga Tharanaye (නදී ගංගා තරණයේ)
ගායනය : චිත්‍රාල් සෝමපාල
සංගීතය : චිත්‍රාල් සෝමපාල (Jimmy Cliff - Many Rivers To Cross ඇසුරින්)
පද : බර්ට්‍රම් නිහාල්


නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රකීලයක් සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ
සිංහ ලෝකයේ

සුළං රැල්ලේ දැවටිලා
මන්ද මාරුතයේ
සොයා යන්නෙමි

ගලා එන මන්දාකිණි
හඹා යමි හමු වෙන තුරා
ජීවිතේ උතුම් පැතුමන් හා
නිරතුරුව අභිමානයෙන්

මංමුලා නොවේ කිසිදා
ජවය මා සතු වේ
දිරිය ගන්නෙමි

ගලා යන දහසක් නදී
බලා සිටී මා එන තුරා
නිරතුරුව අභිමානයෙන්

නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රකීලයක් සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ
සිංහ ලෝකයේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nadee Ganga Tharanaye Song Lyrics - නදී ගංගා තරණයේ ගීතයේ පද පෙළ Nadee Ganga Tharanaye Song Lyrics - නදී ගංගා තරණයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2021 Rating: 5

0 comments:

Post a Comment