MC Puff හදමු

MC Puff හදමු - Your Choice Way
මේ දවස් වල ගොඩක් අය අතර ජනප්‍රිය කෑමක් තමා mcpuff කියන්නෙ. ඔන්න ඉතින් මමත් ගෙනාව ඔයාලට හදන විදිහත් එක්කම... හරිම ලේසි හදන්න. බලන්නකො හදල.. ❤❤

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

Dough එක සඳහා 
  • හලාගත් පාන්පිටි 350g
  • බටර්/ මාගරින් මේසහැඳි 2 
  • ලුණු තේහැඳි 1 
  • වතුර කෝප්ප 1/2

කරිය සඳහා
  • කැරට් පොඩි ගෙඩි 2ක්
  • ලීක්ස් පොඩි ගස් 2ක්
  • අල ගෙඩි 2ක්
  • පොඩි සැමන් ටින් 1ක්
  • බීළූණු ගෙඩි 1
  • අමුමිරිස් කරල් 2
  • සුදුළූණු බික් 3 
  • කරපිංචා 
  • ලුණු, ගම්මිරිස්, කෑලිමිරිස්
  • තෙල්

MC PUFF සඳහා
  • බැදීම සඳහා තෙල් 
  • පාන්පිටි ස්වල්පයක් 
  • වතුර ස්වල්පයක් 
  • ගෑරුප්පුවක් 

✅ සාදා ගන්නා ආකාරය :

Dough එක සෑදීම 
  1. පිටි එකට ලුණු දමා කලවම් කරගන්න
  2. ඉන්පසු එකට බටර් ටික දමා හොඳට අනාගන්න. 
  3. පිටි එක කෑලි කෑලි වගේ වෙනකම් අනාගන්න
  4. ඉන්පසු වතුර ටික ටික එකතු කරමින් සොෆ්ට් dough එකක් එනකම් අනාගන්න. 
  5. සොෆ්ට් උනයින් පස්සෙත් තව වි.5ක් විතර හොඳට අත්ගහන්න.
  6. ඒක රෙදි කඩකින් හෝ ලන්ච්ශීට් එකකින් වසා පැය 1/2ක් තියන්න.

කරිය සෑදීම 
  1. අල පොඩියට කපා තම්බ ගන්න.
  2. කැරට් ලීක්ස් හීනියට කපාගන්න.
  3. ළූණු අමුමිරිස් කරපිංචා සුදුළූණු පොඩියට කපාගන්න.
  4. සැමන් එක සෝදා පිරිසිදු කරගෙන පොඩි කරගන්න.
  5. තෙල් ටිකක් ලිපේ තබා එයට පොඩියට කපාගත් ළූණු අමුමිරිස් කරපිංචා සුදුළූණු දාගන්න. 
  6. එය රන්වන් පාට උනාම කැරට් එකතු කරගන්න.
  7. කැරට් තැම්බුනාම ලීක්ස් ටික එකතු කරගන්න.
  8. කෑලි මිරිස් ගම්මිරිස් ලුණු දාගන්න. 
  9. ඉන්පසු සැමන් එකතු කරගන්න. 
  10. අවසානයට අල ටික එකතු කර සියල්ල හොඳින් කලවම් කර ලුණු රස බලල ලිපෙන් බාගෙන නිමෙන්න තියන්න 

MC PUFF සෑදීම
  1. කලින් අපි හදාගත්ත Dough එකෙන් කොටසක් අරන් පිටි ටිකක් ඉසගත් මතුපිටක කොටුවක් හැඩේ එන විදිහට හොඳට තුනී කරගන්න.
  2. ඉන්පසු එය පොඩි සෘජුකෝනාශ්‍රය හැඩ වලට කපා ගන්න. (4' ×2 1/2' ප්‍රමාන වලට වගේ) 
  3. සියලු සෘජුකෝනාශ්‍ර එක සමානව තියෙන්න ඕනෙ. (මතක ඇතිව ඉරට්ටෙ සංඛ්‍යාවක් එන විදිහට කපාගන්න.)
  4. දැන් ඒ එක සෘජුකෝනාශ්‍රයක් ගෙන ඒ මැදට සාදාගත් කරි එක තබා වටේට ඇගිල්ලෙන් වතුර ලාවට ගාන්න.
  5. ඉන්පසු තවත් සෘජුකෝනාශ්‍රයක් ගෙන කරි එක වැහෙන විදිහට එය උඩින් තබා වටේ ඇගිල්ලෙන් ලාවට තද කරමින් අලව ගන්න.
  6. ඉන්පසු ගෑරුප්පුවෙන් තද කරමින් වටේ සීල් කරගන්න.
  7. මේ විදිහට සියල්ල සාදාගෙන රත් කරගත් ගැඹුරු තෙලේ බැදගන්න.

✅ වැදගත් :

  • Mc Puff කියන්නෙ වෙජි ස්නැක් එකක්.. ඒත් මම කරි එක සෑදීමේදී සැමනුත් භාවිතා කලා.. ඔයාලටත් ඔයාලගෙ රස කැමැත්ත අනුව කරි එක වෙනස් කරගන්න පුළුවන්.
  • බැදීමට ගන්න තාච්චය puff එක දාන්න පුලුවන් සයිස් එකක් වෙන්න ඕනෙ. මේ ගැන සැලකිමත් වෙන්න.
  • ඉහත දී ඇති ප්‍රමාණ වලින් මම 4'×3' ප්‍රමානයේ (දළ වශයෙන්) MC PUFF 16ක් සාද ගත්ත.

ChutiDuu's Kitchen - Nipunika De Silva
MC Puff හදමු - Your Choice Way

MC Puff හදමු - Your Choice Way

MC Puff හදමු - Your Choice Way

MC Puff හදමු - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
MC Puff හදමු MC Puff හදමු Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 26, 2021 Rating: 5

0 comments:

Post a Comment