Master Song Lyrics - මාස්ටර් ගීතයේ පද පෙළ

Master Song Lyrics - මාස්ටර් ගීතයේ පද පෙළ
Song Title : Master (මාස්ටර්)
WAYO | Brick House : Tribute to Maestro Premasiri Khemadasa (Cover)
(This cover of Hadunagaththoth Oba ma, Udumbara Hinahenawa & Hemin Sare Piyawida are not recreated or intended for commercial purposes. All credits, as well as rights, are due to the original creators and singer)

WAYO | Brick House Sessions
Song : Tribute to Maestro Premasiri Khemadasa (Cover) 
Performed by : WAYO
Release Date : 01 September 2019 
Original Songs by T. M. Jayarathna , Ivo Dennis & Sunila Abeysekara
Original Music : Premasiri Khemadasa
Lyrics : W. Jayasiri & Dharmasena Pathiraja
Digital Portrait Artist : Chaminda Kumar


ආදරයේ
ඔබ ඔබමයි
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක් දා
හදුනාගත්තොත් ඔබ මා
හදුනාගත්තොත් ඔබ මා

ආදරයේ
ඔබ ඔබමයි
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක් දා
හදුනාගත්තොත් ඔබ මා
හදුනාගත්තොත් ඔබ මා
හදුනාගත්තොත් ඔබ මා
හදුනාගත්තොත් ඔබ මා

ඒ මොහොතෙම
එක හුස්මට
උපදිනවා
ගිනි රස්නය
සීතලෙන්ම

හදුනාගත්තොත් ඔබ මා
හදුනාගත්තොත් ඔබ මා

මහ මුහුදම ගොඩට ගලා
මහ මුහුදම ගොඩට ගලා
රත් උනු හිරු පායන්නට
රත් උනු හිරු පායන්නට

උදුම්බරා හිනැහෙනවා
හිර අදුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට
සිනා කදුලු වැහිවැහැලා
ගිනි ගෙන රත් උනු දවසක්
සැනසෙන එක හැන්දෑවක

මුහුදු කොනේ
සුදු වැල්ලේ
ඉර හැංහෙන එක මොහොතක
උදුම්බරා හිනැහෙනවා
හිර අදුරට හැංගෙනවා

හිමින් සැරේ
පියා විදා
හිමින් සැරේ
පියා විදා
සුමුදු සයනේ
සිනිදු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් විහගුන්
සුමුදු සයනේ
සිනිදු ඇතිරිල්ලෙන්

මලක් නම් එය
මලක් වුව මැන
සිනිදු සුකුමල
මුවින් සරසන
විලක් නම් එ‍ය
විලක් වුව මැන
නීල ඉදුවර
ලෙයෙන් උපදින

හිමින් සැරේ
පියා විදා
සුමුදු සයනේ
සිනිදු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියතුන්
සුමුදු සයනේ
සිනිදු ඇතිරිල්ලෙන්

හිමින් සැරේ
පියා විදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Master Song Lyrics - මාස්ටර් ගීතයේ පද පෙළ Master Song Lyrics - මාස්ටර් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 31, 2021 Rating: 5

0 comments:

Post a Comment