Kaviya Oba Song Lyrics - කවිය ඔබ ගීතයේ පද පෙළ

Kaviya Oba Song Lyrics - කවිය ඔබ ගීතයේ පද පෙළ
Song Title : Kaviya Oba (කවිය ඔබ)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : සුනිල් ආර් ගමගේ
සංගීතය : රෝහණ වීරසිංහ


කවිය ඔබ...තුන් තිස් පැයක්
නිඳි වරා වෙහෙසි..
සිත දෙගිඩියාවෙන් තවම නොලියු
කවිය ඔබ...

පද එකින් එක ලියවා
සිත කුරුටු ගා මැකුවා
ඔබ ලියූ කවි කියවා
මන් අසරණව උන්නා
යෞවනේ....
තනිකමක් දැනෙනා මොහොතක
සිත ඉකිගසා හැඩුවා

කවිය ඔබ...

හොර ඇහින් ඉඟි කරලා
සඳ මගෙන් සමු ගත්තා
කවි පොතම පොඩිකරලා
නිදියන්න මට සිතුනා
යෞවනේ....
අත ළඟින් හිඳිනා මොහොතක
දුර ඈත බව දැනුනා

කවිය ඔබ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kaviya Oba Song Lyrics - කවිය ඔබ ගීතයේ පද පෙළ Kaviya Oba Song Lyrics - කවිය ඔබ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 30, 2021 Rating: 5

0 comments:

Post a Comment