Your Choice Way

Kaju Ware Erabadu Yaye Song Lyrics - කජු වාරේ එරබදු යායේ ගීතයේ පද පෙළ

Kaju Ware Erabadu Yaye Song Lyrics - කජු වාරේ එරබදු යායේ ගීතයේ පද පෙළ
Song Title : Kaju Ware Erabadu Yaye (කජු වාරේ එරබදු යායේ)
ගායනය : ලයනල් රන්වල ප්‍රමුඛ රන්වල බලකාය
සංගීතය : ලයනල් රන්වල


කජු වාරේ..කජු වාරේ...එරබදු යායේ..
කොහෝ කොහෝ නාදේ...
ගමට කියන්නේ...
අවුරුදු ඇවිදිල්ලා...
අවුරුදු ඇවිදිල්ලා...

පුංචි කොල්ලො රංචු ගැසෙයි
පංච බෙල්ලො ඔට්ටු දමයි...//
හත්මාළුව පරදවන්න
කොණ්ඩ කැවුම් කොණ්ඩෙ බදී..//

කොක්කු දෙදහසක් ඇවිදින්
පුත්තලමේ දොන්..
තවත් දෙදහසක් ඇවිදින්
අතරමගදි දොන්..

සඳුන් කැලේ අපි යනකොට
රිලව් පනිනවා..
එක රිලවෙක් බඩබැදගෙන
පිනුම් ගහනවා..

මේ ඉසව්වේ...රබන් වැයෙන්නා...
මේ පද ඇසී..ගමක් නටන්නා..

කජු වාරේ..කජු වාරේ...එරබදු යායේ..
කොහෝ කොහෝ නාදේ...
ගමට කියන්නේ...
අවුරුදු ඇවිදිල්ලා...
අවුරුදු ඇවිදිල්ලා...

බුබුල් බුලත් මම ගත්තා
තුට්ටු දෙකට මං වික්කා
තුට්ටු දෙකට ගත්තු බුලත්
සල්ලි හතට මං වික්කා

වත්ත කතත් කතත්තා
ඉඩම කතත් කතත්තා
වත්ත කතත් ඉඩම කතත්
දෙකම කතත් කතත්තා..

මේ නොනගතේ ඉරත් නැවතිලා...
මේ සැණකෙලී බලා ඉන්නවා..

කජු වාරේ..කජු වාරේ...එරබදු යායේ..
කොහෝ කොහෝ නාදේ...
ගමට කියන්නේ...
අවුරුදු ඇවිදිල්ලා...
අවුරුදු ඇවිදිල්ලා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kaju Ware Erabadu Yaye Song Lyrics - කජු වාරේ එරබදු යායේ ගීතයේ පද පෙළ Kaju Ware Erabadu Yaye Song Lyrics - කජු වාරේ එරබදු යායේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, May 02, 2021 Rating: 5

0 comments:

Post a Comment