ඔබත් මේවා හිසරදයක් කියා ගලවා දැමුවාද? (Hela Osu)

ඔබත් මේවා හිසරදයක් කියා ගලවා දැමුවාද  (Hela Osu) - Your Choice Way
🌿 උද්භිද විද්‍යාත්මක නාමය - Cyperus rotundus

🌿 👉කුලය - CYPERUS 

🌿 👉වෙනත් නම් - සිංහල (වම්මුතු)දෙමල (කෝරෙයි)

🌿 ඉංග්‍රිසි (Nut gass)

🌿 පන් පවුලට අයත් තණකොළ සමාන වාර්ෂික පුෂ්පයකි.ගොවීන් හිසරදයක් ලෙස සලකන වර්ශාවත් සමග වේගයනේ වැඩනෙ කලාදුරු ඉතා වැදගත් ඔසුවකි.

✅ රූපාකාරය
🌿 සෙ.මි. 15-30 පමණ උසැති කුඩා පැළෑටියකි.
🌿 මෘදු නැමෙන සුළු,පටු හා දිගැටි පත්‍ර සහිතයි.
🌿 පත්‍ර නටුවලින් සැදී ව්‍යාජ කදක් පසනේ ඉහල දක්නට ලැබේ.
🌿 කද මතුපිටට ආසන්නව භූගතව පවතී.
🌿 භූගතව වැඩෙන ආහාර රැස් කල (ආකන්දී මුල්) මහත් වී ‘අල‘ සාදයි.
🌿 මල් ඉතා කුඩාය. ශුකීමය මල් කිනිත්තක් හට ගනී.

✅ ඖෂධ සදහා ගැනෙන කොටස්.
🌿 අල හා කොළ.

✅ ඖෂධීය ගුණ.
• අමාශයාන්ත්‍ර ක්‍රියා වැඩිදියුණු කරයි.
• වමන,අතීසාර වලට හොදයි.
• දහඩිය ඇතිකරයි.
• තනකිිරි වඩයි.
• පනුවන් නසයි.
• කෙස් වඩයි.
• තුවාල සුව කරයි.
• බඩගින්න වඩයි.
• අන්ත්‍ර ශක්තිමත් කරයි.

✅ අත් බෙහෙත්
➡ 🌿අතීසාරයට.
• අමු කලාදුරු අල අමු ඉගුරු සමග කොටා පානය කිරීම.
• කලාදුරු අල සහ ඉරිවේරිය වණ්ඩුවේ තම්බා බීම.
• කලාදුරු අල පමණක් ගෙන එළකිරි හා වතුර සමග කෂාය කර බීම.

➡️ 🌿තනකිරි අඩු කමට.
• කලාදුරු අල ඇල් ජලයෙන් අඹරා පියයුරුවල ගෑම.

➡️ 🌿ඇස් නගනයට.
• කලාදුරු අල සහ සියඹලා ඇට මද තනකිරෙන් අඹරා ගෑම.

➡️ 🌿තුවාල වලට.
• කලාදුරු අල ගිතෙලින් අඹරා තුවාලයපිට ගෑම.

➡️ 🌿කුරුළෑවලට.
• කලාදුරු අල ඇල් දියෙන් අඹරා ගෑම.

➡️ 🌿හිසරදයට.
• කලාදුරු අල ඇල්දියෙන් අඹරා නළලට පැලැස්තරය දැමීම.

✅ වගාව 

🌿කලාදුරු  පැළෑටියක් ලෙස සුලභව දක්නට ලැබෙන අතර වගාවක් ලෙස ශ්‍රී ලංකාව තුළ මෙතෙක් දක්නට නො ලැබේ .

බීජ මගින් රෝපණය කිරීමට අවශ්‍ය නම් මැයි අගෝස්තු මාසවලදී මෝර හා වියැළෙන ශුකි එකතු කරගන්න .

මුල් මඟින් නව කදෙන් ගෙන පැළ රෝපණය සඳහා යොදා ගන්නේ නම් වෙන්කර ගත් ආකන්දි මුල් හෝ ඒ සමගම ගලවා ගත්  අනෙක් කොටස් යොදා ගන්න බීජ පැළ හෝ  වර්ධක පැල බුරුල් පස ඇති ලෝම පසේ සිටුවීමෙන් වගාකල හැකිය.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඔබත් මේවා හිසරදයක් කියා ගලවා දැමුවාද? (Hela Osu) ඔබත් මේවා හිසරදයක් කියා ගලවා දැමුවාද?  (Hela Osu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 29, 2021 Rating: 5

0 comments:

Post a Comment