යටිපතුල් පැලීම සදහටම නැති කරගන්න (Hela Osu)

යටිපතුල් පැලීම සදහටම නැති කරගන්න (Hela Osu) - Your Choice Way
යටි පතුල් පැලීම බොහෝ කාන්තාවන් මුහුණ දෙන තත්වයක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වියළි දේශගුණය නිසා මෙම තත්වය ලංකාවේ අප අතර වඩාත් බහුලයි.

මෙහිදී විලුඹ හා යටි පතුල් ඉරිතැලීම නිසා ශාරීරිකව අපහසුතාව මෙන්ම වේදනාවක් පවා ඇති කරන්නට පුළුවන්.

මෙය බොහෝ විට වියළි සමේ ප්‍රතිඵලයක් වන අතර ඇතැම් විට සමේ ඝන කොටස් හා කහ හෝ දුඹුරු පාට පොතු පතුරු ඇති කරන්නට පුළුවන්.

බොහෝ විට, ඉරිතලා ඇති විලුඹ නිසා කාන්තාවන් මුහුණ දෙන ලොකුම ගැටළුව ඔවුන්ගේ පෙනුමයි.

කාන්තාවන් කොහොමත් ලස්සනට ඉන්න ඉතා කැමති බව අප දන්නවා. මුහුණ වගේම කකුල් කියන්නෙත් ඇගේ ලස්සන තීරණය වෙන වැදගත් අංගයක්.

යටි පතුල් පැලීම කාන්තා සුන්දරත්වයට හානි ගෙන දෙනවා වගේම වේදනා ගෙන දෙන, ඇයව අපහසුතාවයට පත්කරන දෙයක් වෙන්නත් පුලුවන්.

එමෙන්ම යටිපතුල් පැලීම ගැහැණු පිරිමි භේදයකින් තොරව දෙපාර්ශවයටම ඇතිවිය හැකි තත්වයක්. මේ තත්ත්වයට ප්‍රතිකාර නොකර සිටියොත් ඇවිදගන්නවත් බැරිවෙන තරමටම මෙය කෙනෙක්ව අපහසුතාවයට පත්කරන්නට පුළුවන්. වේදනාව හැරුණු කොට යටිපතුල් පැලීම නිසා ඇතිවන අප්‍රසන්න බවද නොසලකා හරින්න .

ඊට අමතරව  ඇතැම් අවස්ථාවලදී මෙම ඉරිතැලීම් ආසාදනය වීම නිසා තත්වය දරුණු වන්නට පුළුවන්.

මෙය සුළු කොට සලකා ප්‍රතිකාර නොර සියහොත් පැලුම ගැඹුරු වී අසීරු වේදනාකාරී තත්ත්වයක්‌ උද්ගත වන්නට පුළුවන්.

විලුඹ සහ යටි පතුල් පැලීම ඉක්මනින් සුවකරගත හැකි ක්‍රම

මේ කියන්නට යන්නේ යටි පතුල් පැලීම නිසා අස්සිරුතාවයෙන් සිටින අයට නිවසේදීම කරන්න පුළුවන් ප්‍රතිකාර කිහිපයක් ගැනයි.

⭕ යටි පතුල් පැලීම ඇතිවීමට හේතු

  • එකම ඉරියව්වක දිගු වේලාවක්‌ සිට ගෙන වැඩපලවල යෙදීම.
  • අධික බර, තරබාරුකම වැඩිකම නිසා කකුල් මත ඇති තෙල් ග්‍රන්ථි මත ඇතිවන තෙරපුම නිසා.
  • දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝග, සෝර්යාසිස්‌ ආදී රෝග තත්ත්වයන්.
  • නොගැලපෙන පාවහන් භාවිතය නිසා.
  • විටමින්, ඛනිජ ලවන හා සින්ක්‌ ඌණතාවය නිසා.

යටිපතුල් පැලීමනවඝා ගැනීමට කල හැකි දේ.


1. ලෙමන් හෝ දොඩම් ලෙලි

  • විලුඹ වසා දැමීමට පුළුවන් තරමට ප්රමාණයකින් යුත් ලෙමන් ගෙඩියක් තෝරා ගන්න.
  • යුෂ මිරිකා හැර ලෙල්ල අරගන්න. ලෙමන් ගෙඩිය හරි මැදින් කපාගැනීමට වග බලා ගන්න.
  • ඉන්පසු මේස් එකක් ආධාරයෙන් දොඩම් ලෙල්ල විලුඹ වැසෙන සේ තබා ගන්න.
  • ලෙමන් ලෙල්ලේ ඇති රසායනික සංඝටක වියලි, හා ඉරි තැලුනු සම ඉවත් කරයි. පැයක් වත් මෙසේ ලෙමන් ලෙල්ල තිබිය යුතුයි.
  • රෑ එළි වෙන තුරු තිබීමට හැකි නම් වැඩි ප්රථිඵල ලැබෙණු ඇත.
  • එක් රාත්‍රියකින්ම ඔබට ලැබෙන ප්‍රථිඵල වලින් ඔබ මවිත වේවි. සම සුසිනිඳු වී පැලීම් නැති වී යයි. විලුඹ වැඩි වශයෙන් පැලී ඇත්නම්, මෙම ප්රතිකර්මය දින කීපයක් කරන්න.

2. ලෙමන් යුෂ

  • ජලයට ලෙමන් යුෂ එකතු කර කකුල් බස්සවන්නට පුළුවන් ප්‍රමාණයේ බේසමකට දමා විනාඩි 20ක් පමණ සිටින්න.
  • පසුව පියුමික් ස්ටෝන් එකක් ආධරයෙන් ඔබේ විලුඹ සහ යටි පතුල් හොඳින් ස්ක්‍රබ් කරන්න. ඉන්පසු යටි පතුල් හොඳින් සෝදා පිරිසිදු තුවායකින් වියළාගන්න

3. රෝස වතුර සහ ග්ලිසරින්

  • රෝස වතුර සහ ග්ලිසරින් සංයෝජනය යටි පතුල් පැලීම සඳහා ඉතාම හොඳ ප්‍රතිකාරයක්.
  • ග්ලිසරින් සම මෘදු කරනවා වගේම රෝස වතුර වල ඇති විටමින් A, B3, C, D, සහ ඊ මෙන්ම ප්රතිඔක්සිකාරක, හා විෂබීජ නාශක ගුණ සම සුවපත් කරනවා.
  • රෝස වතුර සහ ග්ලිසරින් සමාන ප්‍රමාණයකින් මිශ්‍ර කර දිනපතා රාත්‍රී නින්දට යාමට පෙර යටිපතුල් වල අලේප කර හොඳින් පිරිමදින්න.

4. යටි පතුල් පැලීමට කහ

  • කහ කුඩු වලට පොල්තෙල් බින්දු කිහිපයක් දමා ඝන ආලේපයක් සාදාගන්න. මෙය යටිපතුලේ පැලී ඇති තැන් වල අලේප කර විනාඩි 20ක් පමණ සිට පසුව සෝදාහරින්න.

5. කෙසෙල්

  • හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක් ගෙන එය පොඩිකර පේස්ට් එකක් සාදාගන්න. ඉන්පසු සෝදා පිරිසිදු කරගත් යටිපතුල් වල එය අලේප කර විනාඩි 15ක් පමණ සිටින්න.
  • මඳ උණුසුම් ජලයෙන් එය සෝදා හැර පසුව ඔබේ දෙපා ශීතල වතුරේ විනාඩි 10ක් පමණ පොඟවගෙන සිටින්න. මෙය දිනපතා සති කිහිපයක් සිදුකර මෘදු හා සියුම් යටිපතුල් නැවතත් ලබාගන්න.

6. කිරි

  • මඳ උණුසුම් ජලයට කිරි කෝප්පයක් එකතු කර කකුල් ඔබාගෙන සිටිය හැකි බේසමකට දමා විනාඩි 10ක් පමණ සිටින්න.
  • ඉන්පසු පොල්තෙල් වලට සීනි එක් කර පේස්ට් එකක් ලෙසට සාදාගන්න.
  • මෙය යටිපතුලේ අලේප කර කවාකාර ලෙස හොඳින් පිරිමදින්න. විනාඩි 5-10ක් මෙසේ සිදුකර දෙපා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
  • කිරි වල ඇති ලැක්ටික් අම්ලය සමේ මැරුණු සෛල ඉවත්කර නව සෛල සැදීමට උදව් කරන අතර වියළි බව දුරු කරයි.

7.  යටි පතුල් පැලීමට සීනි සහ ඔලිව් තෙල්

  • සීනි සහ ඔලිව් තෙල් වලට දෙහි බින්දු කිහිපයක් දමා හොඳින් මිශ්‍රකරගන්න.
  • මෙය හොඳින් පොගවා ගත් යටිපතුල් වල ආලේප කොට හොඳින් ස්ක්‍රබ් කරන්න. විනාඩි 10ක් පමණ ස්ක්‍රබ් කොට මද උණු ජලයෙන් සෝදා හරින්න.

8. ඉදුණු කෙසෙල්, ලෙමන් යුෂ

  • ඉදුණු කෙසෙල්, ලෙමන් යුෂ (දෙහි යුෂ) සමග මිශ්‍රකර පොඩි කර ගන්න. මේ මිශ්‍රණය යටිපතුල් වල ආලේප කොට විනාඩි 10ක් පමණ තබා සෝදා හරින්න.

9.යටි පතුල් පැලීමට ඔලිව් තෙල්

  • නිදාගැනිමට පෙර ඔලිව් තෙල් වලින් දෙපතුල් හොඳින් සම්භාහනය කරන්න. පසුව පුලුන්වලින් සාදන ලද මෙස් එකක් පළදිනවානම් වඩාත් හොඳ ප්‍රතිළුල ලබා ගන්නට පුලුවන්.

10. දෙහි යුෂ හා ග්ලිසරින්

  • වෙළඳපොලෙන් ලබා ගත හැකි ග්ලිසරින් සහ දෙහි යුෂ සහ රෝස වතුර සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන හොඳින් මිශ්‍ර කොට දෙපතුල් හි ගලවා විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.

11. එල කිරි සහ මි පැණි

  • කිරි සහ මි පැණි භාජනයකට දමා ඔබේ දෙපා එහි පොගවමින් සම්භාහනය කරන්න. විනාඩි 10ක් පමණ සම්භාහනය කොට මද උණුසුම් ජලයෙන් දෙපා සොදාහරින්න.

12. කොහොඹ කොළ සහ කහ

  • කොහොඹ කොළ මිටක් ගෙන එය වතුර සමග හොඳින් අඹරා ගන්න. එයට කහ කුඩු තේ හැඳි2ක් පමණ මිශ්‍ර කොට යටිපතුල් වල ඉරි තැලී ගිය ස්ථාන වල ආලේප කරන්න. පැය භාගයක් පමණ තබා හොඳින් සෝදා ඉවත් කරන්න.

13.  යටි පතුල් පැලීමට රාබු..

  • රාබු ගෙඩියක් පොතු හැර කුඩාවට කපා තම්බා හොඳින් පොඩි කරන්න. කකුල් වල තවරා පැයක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

14. කහ සහ මී පැණි

  • කහ තේ හැඳි 2ක්, අබ තෙල් මේස හැන්දක් මී පැණි මේස හැන්දකට මිශ්‍ර කොට දෙපා වල ආලේප කොට පැය භාගයක් පමණ තබා සෝදා හරින්න
  • මේ දේවල් වලින් එකක් හෝ කිහිපයක් නිතිපතා කිරීමෙන් ලස්සන් වගේම සෞඛ්‍ය සම්පන්න දෙපා යුගලකට හිමිකම් කියන්න ඔබටත් හැකි වනවා.
විශ්මිත හෙළ ඔසු
යටිපතුල් පැලීම සදහටම නැති කරගන්න (Hela Osu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
යටිපතුල් පැලීම සදහටම නැති කරගන්න (Hela Osu) යටිපතුල් පැලීම සදහටම නැති කරගන්න (Hela Osu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 31, 2021 Rating: 5

0 comments:

Post a Comment