විශ්මිත හෙළ වෙදකමේ - අස්වැන්න (Aswanna)

විශ්මිත හෙළ වෙදකමේ - අස්වැන්න (Aswanna) - Your Choice Way

⭕ ආයුර්වේදයේ දශමුල් අතරට එක්වෙන සුවිශේෂී පැලෑටියක් තමයි අස්වැන්න කියන්නෙ.. දශමුල් ගත්තොත් සුළු පස් මුල් සහ මහ පස් මුල් කියලා කොටස් දෙකකට වෙන් වෙනවා.. 

⭕ මේ සුළු පස් මුල් වල තියෙන ශාලිපර්ණි ශාකයේ ප්‍රතිනිධිය නැත්තම් ඒ වෙනුවට භාවිතා කරන ශාකය තමයි අස්වැන්න කියන්නෙ.

⭕ ශාලිපර්ණි කියන්නෙ ශ්‍රී ලංකාවේ වැවෙන පැලෑටියක් උනත් දැන් වද වීමේ තර්ජනයට මුහුණ පාපු පැලෑටියක්. ඉතින් ඒ  පැලෑටියේ තියෙන ඖෂධීය ගුණය මේ පැලෑටිය තුලත් සම්පුර්ණයෙන්ම අන්තර්ගත වෙනවා කියලා ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථ වල සදහන් වෙනවා.. 

⭕ ශාලිපර්ණී කියන්නෙ Desmodium gangeticum කියන ශාකය. අස්වැන්න ඒ වෙනුවට දශමුල් කෂාය, දශමූලාරිෂ්ටය, සිද්ධාර්ථ තෛලය, මහා නාරායන් තෛලය වගේ ඖෂධ ගණනාවක් සෑදීමෙදි යොදාගන්න ශාකයක්..

⭕ අස්වැන්න ශාකය හරිම බහුලව දකින්න පුළුවන් බිම දිගේ විහිදිලා හැදෙන දම් රෝස පැහැ පුෂ්ප මංජරියකින් යුතු හරිම අලංකාර පැලෑටියක්. 

⭕ උෂ්ණ වීර්යයෙන් සහ මධුර විපාකයෙන් යුතු මේ ශාකයේ ගුණය ඉතාම ඉහළයි.. නමුත් ඔබ ඒ පිළිබඳ ව අඩුවෙන් දැනුවත් ඇති.

⭕ මේ ශාකයේ සාරය ශරීරයේ බලය ඉහළ නැංවීමේ හැකියාවෙන් යුතු යි. ශක්තිය වඩවන සුළු යි.

⭕ ඒ වගේම මේ පැලෑටියේ මුත්‍ර කාරක හැකියාව තිබෙනවා.. ඒ නිසා මුත්‍රා මාර්ගය ආශ්‍රිත බොහොමයක් රෝග වලදි මෙය යොදාගනු ලබනවා.  බොහෝ විට ඒකීයව යෙදුවෙ නැතත් දශමුල් හෝ සුළු පස් මුල් ලෙස යොදනු ලබනවා..

⭕ ඒ වගේම ප්‍රදාහ නාශකයි.. ඔබේ සිරුරෙ ඇතිවන ප්රදාහ තත්ව වලදී මෙය යොදාගන්න පුළුවන් වගේම සන්ධි ආශ්‍රිත ව ඇතිවන ඉදිමුම් තත්ව වලදී ඒ ඉදිමුම් අඩුකරන හැකියාව මෙයට තිබෙනවා.. ඒ නිසාම තවත් ඖෂධ සමග හෝ තනිව මෙය අමුකහ සමග කොටා මළවා අදාල ස්ථානයට යොදනු ලබනවා..

⭕ විශේෂයෙන් ම හෘදයට ඉතාම හිතකර මේ පැලෑටියේ කිරි කෂාය හෘද රෝග වලදී යොදාගන්නවා.. මෙහි සාරය හෘදයෙ පේශි ශක්තිමත් කිරීමත් රුධිරය ගමනාගමනය යාමනය කිරීමත් සිදුකරනු ලබනවා..

⭕ ඒ වගේම කොලෙස්ටරෝල් මට්ටම ඉහළ අවස්ථාවලදිත් භාවිතයට ගන්න පුළුවන්.. මෙයට ශරීරයට හිතකර HDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවීමට සහ LDL මට්ටම පහළ දැමීමේ හැකියාව ඇති බව පරීක්ෂණ මගින් සනාථ කරගෙන තිබෙනවා..

⭕ මේ නිසාම කොලෙස්ටරෝල් හේතුවෙන් ඇතිවන අධික රුධිර පීඩනය සදහා ප්‍රතිකාර කිරිමට තවත් ඖෂධ සමග මෙය යොදාගනු ලබනවා..

⭕ අක්මාවට ඉතා හිතකර ශාකයක් නිසා අක්මාව ආශ්‍රිත රෝග වලදි කැද විදියට යොදාගන්න පුළුවන්..

⭕ සන්ධි ආශ්‍රිත ව ඇතිවන ඉදිමුම් විශේෂයෙන් ආතරයිටීස් වැනි වාත රෝග වලදි ඉදිමුම් අඩුකරලා එම වේදනාව අඩු කරන්න මේ පැලෑටිය ඒකියවත් යොදන්න පුළුවන්...

⭕ ඒ වගේම පෙනහළු ආශ්‍රිත රෝග වලටත් යොදා ගත හැකි ඔසුවකි.

⭕ ශරීරයේ පණුවන් ඉවත් කිරීමේ හැකියාව මේ ශාකයට තිබෙනවා.  පණුවන් හේතුවෙන් ශරීරයේ ඇතිවන පාණ්ඩු රෝග තත්ව නැත්නම් ලේ හිගවීමේ තත්ව වලදි මේ පැලෑටිය යොදාගන්න පුළුවන් .

⭕ ශරීරයේ ආහාර දිරවීමේ යාන්ත්‍රණය වැඩිකරමින් අග්නිය වර්ධනය කරනු ලබනවා. මේ නිසා බොහො විට මෙය මල බද්ධය සදහත් යොදාගන්නවා.. අර්ශස් රෝගයේ ප්‍රධාන ම හේතුවක් වෙන්නෙ මල බද්ධය.. එම නිසා ඇතිවන අර්ශස් රෝගයත් මින් පාලනය කරගන්න පුළුවන්.

විශ්මිත හෙළ ඔසු
විශ්මිත හෙළ වෙදකමේ - අස්වැන්න (Aswanna) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
විශ්මිත හෙළ වෙදකමේ - අස්වැන්න (Aswanna) විශ්මිත හෙළ වෙදකමේ - අස්වැන්න (Aswanna) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 07, 2021 Rating: 5

0 comments:

Post a Comment