Wakkda Landa Song Lyrics - වක්කඩ ලඟ ගීතයේ පද පෙළ

Wakkda Landa Song Lyrics - වක්කඩ ලඟ ගීතයේ පද පෙළ
Song Title : Wakkda Landa (වක්කඩ ලඟ)
ගායනය : පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
සංගීතය : පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය : මහගම සේකර


වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලින් විදුලිය කෙටුවා

කිව්වට වස් නැත නිල් නිල් පාටින්..
කටරොළු මල්වැට වටකෙරුවා..
තුන් දවසක් අමනාපෙන් සිටි කලු..
නෝක්කඩු බැල්මෙන් බැලුවා..

ගල මතුපිට මල පිපෙන්න...
    [ගල මතුපිට මල පිපෙන්න...]
මල වට බඹරිදු නටන්න...
    [මල වට බඹරිදු නටන්න...]
වැහි වැහැලා ගඟ පිරෙන්න...
    [වැහි වැහැලා ගඟ පිරෙන්න...]
ගඟ උතුරා හිත පිරෙන්න...
    [ගඟ උතුරා හිත පිරෙන්න...]

ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්..//
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wakkda Landa Song Lyrics - වක්කඩ ලඟ ගීතයේ පද පෙළ Wakkda Landa Song Lyrics - වක්කඩ ලඟ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 22, 2021 Rating: 5

0 comments:

Post a Comment