Sanda Tharu Nihandai Song Lyrics - සඳ තරු නිහඬයි ගීතයේ පද පෙළ

Sanda Tharu Nihandai Song Lyrics - සඳ තරු නිහඬයි ගීතයේ පද පෙළ
Song Title : Sanda Tharu Nihandai (සඳ තරු නිහඬයි)
ගායනය : ඩබ්. ඩී. අමරදේව
සංගීතය : එච්. එම්. ජයවර්ධන
ගී පද : කුලරත්න ආරියවංශ


සඳ තරු නිහඬයි ගහකොල නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

පියා නුවන් යුග නිවා හැඟුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාලුව ත‍නිකම කුටියට අවුදින්
හදවත අවදි කලා

සඳ තරු නිහඬයි
ගහකොල නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සඳ
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ
හදවත අවදි කලා

සඳ තරු නිහඬයි
ගහකොල නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Tharu Nihandai Song Lyrics - සඳ තරු නිහඬයි ගීතයේ පද පෙළ Sanda Tharu Nihandai Song Lyrics - සඳ තරු නිහඬයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 22, 2021 Rating: 5

0 comments:

Post a Comment