Your Choice Way

Rathu Rosa Pokurin Song Lyrics - රතු රෝ‌ස පො‌කුරින් ගීතයේ පද පෙළ

Rathu Rosa Pokurin Song Lyrics - රතු රෝ‌ස පො‌කුරින් ගීතයේ පද පෙළ
Song Title : Rathu Rosa Pokurin (රතු රෝ‌ස පො‌කුරින්)
ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගී පද : අජන්තා රණසිංහ


රතු රෝ‌ස පො‌කුරින් වෑහුණා
පිණි බිඳක් වෑහුණා
මා දෑස රිදවන මිලින පෙම්
කඳුළු සේ //

මීදුම් මදහස මතකින් මතුවී
පාවී අවුදින් කඳු නිම්නේ
රෝ‌ස පියල්ලේ ඔබේ සිනිඳු රැව
සිතුවම් කරවා සමු ගත්තේ

රතු රෝ‌ස පො‌කුරින් වෑහුණා
පිණි බිඳක් වෑහුණා
මා දෑස රිදවන මිලින පෙම්
කඳුළු සේ

ඔබගෙ සියුමැළි දෝ‌තින් ඉන්දූ
රෝ‌ස ගසේ මල් පිපුණු උදේ
රෝ‌ස මලක් ළඟ කඳුළු බිඳක් වී
මා තනි වූවා නො‌වෙද ළඳේ

රතු රෝ‌ස පො‌කුරින් වෑහුණා
පිණි බිඳක් වෑහුණා
මා දෑස රිදවන මිලින පෙම්
කඳුළු සේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rathu Rosa Pokurin Song Lyrics - රතු රෝ‌ස පො‌කුරින් ගීතයේ පද පෙළ Rathu Rosa Pokurin Song Lyrics - රතු රෝ‌ස පො‌කුරින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, April 22, 2021 Rating: 5

0 comments:

Post a Comment