Tikirimali Pasal Yana Song Lyrics - ටිකිරිමලී පාසල් යන ගීතයේ පද පෙළ

Tikirimali Pasal Yana Song Lyrics - ටිකිරිමලී පාසල් යන ගීතයේ පද පෙළ
Song Title : Tikirimali Pasal Yana (ටිකිරිමලී පාසල් යන)
ගායනය : සුපර් ගෝල්ඩන් චයිම්ස් (අනිල් භාරතී)
පද : වර්නන් පෙරේරා
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
1974 දී නිකුත් කළ "පාළු අඳුරු" තැටියට අඩංගු වූ ගීයකි. (EP Lotus / LECL/011/AB/001)


ටිකිරිමලී පාසල් යන පොඩි අඩිපාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා
ඔබ ලබනා කෙනෙකු පිනක් කළ බව තේරෙයි
මගෙ හදවත ඔබ වෙත බැඳුණා .....//

නියර දිගේ ඇඹුල රැගෙන කුඹුරට එනවා
ඔබේ පිනට කරල් පැහෙනවා
ඇඹුල බෙදන කල ද මදෙස හොරෙන් බලනවා
මගේ හිතට රහස් කියනවා

ටිකිරිමලී පාසල් යන පොඩි අඩිපාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා
ඔබ ලබනා කෙනෙකු පිනක් කළ බව තේරෙයි
මගෙ හදවත ඔබ වෙත බැඳුණා

හේනෙ පැලේ පැල් රකිද්දි ඔබ සිහිවෙනවා
පාළු තනිය නැතිවී යනවා
මට ලැබේද වෙන ගමකට යාද සිතෙනවා
හිතේ දුකට කවි කියවෙනවා

ටිකිරිමලී පාසල් යන පොඩි අඩිපාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා
ඔබ ලබනා කෙනෙකු පිනක් කළ බව තේරෙයි
මගෙ හදවත ඔබ වෙත බැඳුණා .....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tikirimali Pasal Yana Song Lyrics - ටිකිරිමලී පාසල් යන ගීතයේ පද පෙළ Tikirimali Pasal Yana Song Lyrics - ටිකිරිමලී පාසල් යන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2021 Rating: 5

0 comments:

Post a Comment