Sihina Pathum Wimane Song Lyrics - සිහින පැතුම් විමනේ ගීතයේ පද පෙළ

Sihina Pathum Wimane Song Lyrics - සිහින පැතුම් විමනේ ගීතයේ පද පෙළ
Song Title : Sihina Pathum Wimane (සිහින පැතුම් විමනේ)
ගායනය : සුපර් ගෝල්ඩන් චයිම්ස් (ඇනස්ලි මාලේවන)
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
1974 දී නිකුත් වූ "සිහින පැතුම්" තැටියට අඩංගු වූ ගීයකි. ( EP Sooriya / CHB 035 )


සිහින පැතුම් විමනේ
රස මිහිර ගෙනා පුතුනේ

නැළවී නැළවී
හිනැහී හිනැහී
නිදියන් පොඩි පුතුනේ ...//

දෑසයි කුඩා ඔබගේ
ළපටී දෙතොල් පුතුනේ
කාගෙන් කියා සිතුවේ
මුහුණයි රුවයි ඔබගේ
පැහැයයි හැඩයි පුතුනේ
මාගෙන් නොවෑ ලැබුණේ

සිහින පැතුම් විමනේ
රස මිහිර ගෙනා පුතුනේ

නැළවී නැළවී
හිනැහී හිනැහී
නිදියන් පොඩි පුතුනේ ...//

මා මෙන් ඔබත් පුතුනේ
මිනිසෙක් වෙලා දෙරණේ
රට දැය කෙරේ බැඳීලා

මවු බිම ඔබෙයි සිතලා
පණ මෙන් ඔබේ රැකලා
පිළිගත යුතුයි පුතුනේ

සිහින පැතුම් විමනේ
රස මිහිර ගෙනා පුතුනේ

නැළවී නැළවී
හිනැහී හිනැහී
නිදියන් පොඩි පුතුනේ ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihina Pathum Wimane Song Lyrics - සිහින පැතුම් විමනේ ගීතයේ පද පෙළ Sihina Pathum Wimane Song Lyrics - සිහින පැතුම් විමනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2021 Rating: 5

0 comments:

Post a Comment