Soyaganeema Song Lyrics - සොයාගැනීම ගීතයේ පද පෙළ

Soyaganeema Song Lyrics - සොයාගැනීම ගීතයේ පද පෙළ
Song Title : Soyaganeema (සොයාගැනීම)
Artist : Tharindu Damsara
Lyrics : Lakshantha Athukorala
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Sanjula Himala
Guitar arr : Kavin Harshana
Motion Video : Chameera J Hettiarachchi


සගවන්න බෑ කදුළු සිවි ඔබ
සෝ සිනාවෙන් නිවුණු බැල්මෙන්
ඔබේ හද මෙන් සැලෙන අතැගිලි
පිරිමදින විට මගේ කෙහෙරැලි
වැටහුනා මට දිගු සුසුම් රළ
ගැටෙන නළලත

එක වරක් සිපගන්න ඇත්නම් පුතු වඩාගෙන
ගොස් ටිකක් ගැවසෙන්න හැකිනම් ගෙදර ලිප ළග
හවස එන විට මා බලන්නට
කැටුව ආ හැකි වේද දුවණිය
තබන්නට ඇගෙ කුඩා දෑතෙහි
චේන් පොට සහ වළලු ජෝඩුව
උදෑසන මෙහි පැමිණි වෙදදුරු
ඔබව කැදවා ළගට රහසින්
කියූ බස මම අසා සිටියෙමි
වැතිර නිදිගත් සෙයින් හිදිමින්

ඔබට සගවා ගන්න බැරි වුණු
හැඩුම් හඩ මට එවිට ඇසුනා
දිගු කලක් විමසුවද නොකියූ
ආදරය ඒ හඩෙහි තිබුනා

සුදුය ඇද රෙදි – සුදුය සීලිම
සුදුය තිරකඩ – සුදුය සැම දෙය
මොහොතකට මේ සුදෙන් මිදිලා ඔබේ කලු පපුතුර බදාගන
හඩන්නට මට බල කරයි සිත

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Soyaganeema Song Lyrics - සොයාගැනීම ගීතයේ පද පෙළ Soyaganeema Song Lyrics - සොයාගැනීම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 27, 2021 Rating: 5

0 comments:

Post a Comment