Sikuru Tharuwa Raye Song Lyrics - සිකුරු තරුව රැයේ ගීතයේ පද පෙළ

Sikuru Tharuwa Raye Song Lyrics - සිකුරු තරුව රැයේ ගීතයේ පද පෙළ
Song Title : Sikuru Tharuwa Raye (සිකුරු තරුව රැයේ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
සංගීතය : රෝහණ වීරසිංහ


සිකුරු තරුව රැයේ..
සිකුරු තරුව රැයේ - අඳුර මකන අඟේ
හඳට අහස හිමිවන පෝදා..
ලොව හඳටම නතු වෙනවා
තරුවද අමතක වෙනවා..

අහස හිමි තුරු මුදුනේ මල් හිනැහෙනවා..
නොපැතු සැනේ පෙති ඉහිරී බිමට වැටෙනවා..
අහසට පිපිමල් සේ පොළවට පරමල් හිමිවේ..
පිපිමල් පරමල් වෙනවා - ඒ මල් දුක සඟවනවා..

සිකුරු තරුව රැයේ..
සිකුරු තරුව රැයේ - අඳුර මකන අඟේ
හඳට අහස හිමිවන පෝදා..
ලොව හඳටම නතු වෙනවා
තරුවද අමතක වෙනවා..

සඳළුතලේ සඳ විලසේ ඔබ හිනැහෙනවා..
දිලිඳු මගේ හද අරණේ එළිය නිමෙනවා..
ඔබනෙත් සඳ පහනේ සදළුතලේ සඳ සැඟවේ..
ඔබ යලි සඳවත වෙනවා - මිහිරිව ඔබ රිදවනවා..

සිකුරු තරුව රැයේ..
සිකුරු තරුව රැයේ - අඳුර මකන අඟේ
හඳට අහස හිමිවන පෝදා..
ලොව හඳටම නතු වෙනවා
තරුවද අමතක වෙනවා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sikuru Tharuwa Raye Song Lyrics - සිකුරු තරුව රැයේ ගීතයේ පද පෙළ Sikuru Tharuwa Raye Song Lyrics - සිකුරු තරුව රැයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2021 Rating: 5

0 comments:

Post a Comment