Premaye Mulakuru Song Lyrics - ප්‍රේමයේ මුලකුරු ගීතයේ පද පෙළ

Premaye Mulakuru Song Lyrics - ප්‍රේමයේ මුලකුරු ගීතයේ පද පෙළ
Song Title : Premaye Mulakuru (ප්‍රේමයේ මුලකුරු)
Vocals : Nipuni Herath
Lyrics : Chanira Dulanjaya Ranathunga
Music : Mario Dimittri Fernando


නින්ද යන්නැති ගොඩක් රෑවල
හිතට ඇවිදින් මතක දුන්නේ
නෙතට තනියට කඳුලු දුන්නේ
හීනයේ සැඟවී ගියපු නුඹ
ප්‍රේමයේ මුලකුරු කියූ නුඹ

නාභිනික්මන ලැබුව දා පුතු
සිනා කඳුලක් නැඟුණ දා නෙතු
කිරි සුවඳ විඳිනටද මත්තෙන්
රාගයේ වැට කඩුලු බිඳිමින්
මෝහයේ ගිනි සිළුව නිවමින්
ද්වේෂයේ කලු වලා දෙඅතින්
මෑත් කර නේරංජනාවෙන්
එපිට ලෝකය දිනා ගන්නට
හීනයේ සැඟවී ගියපු නුඹ
ප්‍රේමයේ මුලකුරු කියූ නුඹ

ගෝතමී ලෙස නොම හඬන්නට
පටාචාරා මෙන් දුවන්නට
හේතු කාරණ මටත් එමටය
රම්‍යයේ සුවිසල් ද්වාරෙන්
සුරම්‍යයේ රන් කවුලු අතරින්
සුබ මාලිගේ නිවි පහන දවමින්
සසර එතෙරට මග සොයාගෙන
මා ද නුඹ හා රැගෙන යනු මැන
හීනයේ සැඟවී ගියපු නුඹ
ප්‍රේමයේ මුලකුරු කියූ නුඹ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Premaye Mulakuru Song Lyrics - ප්‍රේමයේ මුලකුරු ගීතයේ පද පෙළ Premaye Mulakuru Song Lyrics - ප්‍රේමයේ මුලකුරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, April 03, 2021 Rating: 5

0 comments:

Post a Comment