Premaya Puda Dee Song Lyrics - ප්‍රේමය පුද දී ගීතයේ පද පෙළ

Premaya Puda Dee Song Lyrics - ප්‍රේමය පුද දී ගීතයේ පද පෙළ
Song Title : Premaya Puda Dee (ප්‍රේමය පුද දී)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න

පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගේම ඈතයි
තහනම් සෙවනේ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න

එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්
එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්
මා වෙනුවෙන් නොහඩන්න
ජීවිතයට ඉඩ දෙන්න
ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුන්නම් බෑ දෙන්න

ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න

ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිළිතුරු දෙන්නම්
ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිළිතුරු දෙන්නම්
මට නොපෙනී පිටවෙන්න
නොහදුන කෙනෙකුන් වෙන්න
ගත ගෙනයන්නම් දුරක
හිත නම් බෑ ගෙනියන්න

ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Premaya Puda Dee Song Lyrics - ප්‍රේමය පුද දී ගීතයේ පද පෙළ Premaya Puda Dee Song Lyrics - ප්‍රේමය පුද දී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 06, 2021 Rating: 5

0 comments:

Post a Comment