Pawena Wala Athara Song Lyrics - පාවෙන වළා අතර ගීතයේ පද පෙළ

Pawena Wala Athara Song Lyrics - පාවෙන වළා අතර ගීතයේ පද පෙළ
Song Title : Pawena Wala Athara (පාවෙන වළා අතර)
ගායනය : චරිතා ප්‍රියදර්ශනී පීරිස්
සංගීතය : එඩ්වඩ් ජයකොඩි
ගී පද : රඹුකන සිද්ධාර්ථ හිමි


පාවෙන වළා අතර
ඔබ සැඟවී ඔබ හිනැහී
සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවක ලිව්වා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනාසුනා පමණයි
ඔබ සිනාසුනා පමණයි

රමණීයයි මේ මධුර ජවනිකා
වනපෙත එකලු කරයි
කුරුළු ගීතිකා //
ඇල දොළ ගලා බසීවී
වනමල් රේණු නෙළාලා

පාවෙන වළා අතර
ඔබ සැඟවී ඔබ හිනැහී
සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවක ලිව්වා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනාසුනා පමණයි
ඔබ සිනාසුනා පමණයි

ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්
ලාහිරු ගලන පැයේ
මා හිනැහෙන්නම් //
ජීවන මිහිර කියාදුන්
ඔබෙ ළය පහන් කරන්නම්

පාවෙන වළා අතර
ඔබ සැඟවී ඔබ හිනැහී
සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවක ලිව්වා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනාසුනා පමණයි
ඔබ සිනාසුනා පමණයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pawena Wala Athara Song Lyrics - පාවෙන වළා අතර ගීතයේ පද පෙළ Pawena Wala Athara Song Lyrics - පාවෙන වළා අතර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 06, 2021 Rating: 5

0 comments:

Post a Comment