Podino Song Lyrics - පොඩිනෝ ගීතයේ පද පෙළ

Podino Song Lyrics - පොඩිනෝ ගීතයේ පද පෙළ
Song Title : Podino (පොඩිනෝ)
Artist : Sanduni karunarathna
Lyrics : Lanka Dilrukshi Silva
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Nadisha Liyanarachchi


" මේ චරිත ඇති කල ප්‍රකම්පනය ඉහත නිර්මාණයට මහත් පෙළඹවීමක් ඇති කල අතර පොඩිනෝ ගීතය  සෙංකොට්ටං සම්මානනීය නවකතාව ආශ්‍රයෙන් නිර්මාණය කර ඇත. එහි සියලු ගෞරවය මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාට හිමිවිය යුතු ය "

වේලුනු කරඹ ඉත්තක එල්ලී හඩනෝ
රැලි උනු හැට්ට කම්බා සුළඟේ හරිනෝ
ජිවිත ඉත්ත මඩ ගොහොරුවෙ ගිල්ලන්නෝ
ගලපිට මොණරු තාමත් ඉන්නවා පොඩිනෝ

ඉවසා නුඹ දුන්නු ආලය දසමාසේ
ඉකි ගා හඩමු හිත දියකර රෑ මැද්දේ
ඒ කදුලින් වැඩෙයි ඌ සත් අවුරුද්දේ
නුඹ දැකගන්ට විතරයි මං පා ඇද්දේ

ගල්වල හැපී පොඩි පට්ටම් වෙනු ඇහුනා
හාදු දුන් නළල පුලුරා පෙම ගැලුවා
රත්වුනු යකඩ නුඹෙ අයිතිය උඩ නැටුවා
හුස්මට කලින් උන් මගෙ හදවත මැරුවා

නම්බු නාම නැති උන් අපි හීන් කුලින්
නුබෙ රාගින්න සෝදාගමි පහල දොලෙන්
නුබෙ එක බැල්ම මරණයෙ කෙලවර දෙවටින්
උනත් නුඹ අදිමි සෙංකොට්ටන් කහටින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Podino Song Lyrics - පොඩිනෝ ගීතයේ පද පෙළ Podino Song Lyrics - පොඩිනෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 10, 2021 Rating: 5

0 comments:

Post a Comment