Pasak Kota Athi Song Lyrics - පසක් කොට ඇති ගීතයේ පද පෙළ

Pasak Kota Athi Song Lyrics - පසක් කොට ඇති ගීතයේ පද පෙළ
Song Title : Pasak Kota Athi (පසක් කොට ඇති)
ගායනය : ගුණදාස කපුගේ
සංගීතය : ගුණදාස කපුගේ
පද රචනය : සුනිල් සරත් පෙරේරා


පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..
කෙලෙස් නේරංජාව තරණය
කලේ අප මහ බෝ සතා..
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..

නිසල බෝ මැඬ වෙසෙන අතරෙදි
සසල කෙරුමට අචල හිමි සිත්
නොයෙක් වෙස් පෑ සිතුම් සේනා
එවා ඇත රුදු මාර දෙව් පුතු..

පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..
කෙලෙස් නේරංජාව තරණය
කලේ අප මහ බෝ සතා..
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..

පෙරුම් දම් බලයෙන් මරුන් බිඳ
බවුන් වඩවා බුදුව ලොව්තුරු
සහන් එළියක් ලෙසින් මතුවින
නසා තිලොවෙක අවිදු ගණඳුරු...

පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..
කෙලෙස් නේරංජාව තරණය
කලේ අප මහ බෝ සතා..
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pasak Kota Athi Song Lyrics - පසක් කොට ඇති ගීතයේ පද පෙළ Pasak Kota Athi Song Lyrics - පසක් කොට ඇති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 12, 2021 Rating: 5

0 comments:

Post a Comment