Hiru Mal Kiniththak Song Lyrics - හිරු මල් කිනිත්තක් ගීතයේ පද පෙළ

Hiru Mal Kiniththak Song Lyrics - හිරු මල් කිනිත්තක් ගීතයේ පද පෙළ
Song Title : Hiru Mal Kiniththak (හිරු මල් කිනිත්තක්)
ගායනය : රුවන් හෙට්ටිආරච්චි සමග උමාරියා සිංහවංශ
පද : සජිත් වී. චතුරංග
තනුව : රුවන් හෙට්ටිආරච්චි
සංගීතය : අමිත් ගුරු


හා.................. ආආ ආ....
හඅ ආ අඅ ආ......

හිරු මල් කිනිත්තක් දරා
සිහිලැල් පියාපත් සලා
සුළඟින් හොරෙන් මඟ අසා
එන්නම් සැණින් ඔබ සොයා

මතකෙන් ඉඩක් ඉල්ලලා
තුරුලෙන් ලැගුම් ගෙන එදා
හසරැල් ලොවක් හිත මවා
හෙට මා ඔයාගෙ වෙනවා
හෙට මා ඔයාගෙ වෙනවා

න නනනන
න නනනන
න නනනන
න නනනන
න නනනන
න නනනන
න නනනන නනා.. නා...

සුපෙම් භාවනාවක් වාගේ මගේ දෙස බලා
කියාදෙන්න ඔබගේ සෙනෙහස
කොතෙක්දැයි කියා

අහංකාර මාගේ හිත දැන්
ඔබේ ළඟ තමා
නොදන්නවා වාගේ ඈතින් 
තවත් ඉන්නෙපා

හිතේ මැවුණ ප්‍රේම කවියේ
හිඩැස් තැන් මකා
හිඳින්නට හිතයි සුවසේ
තුරුල් වී සදා
රැයේ දුටුව හීන රහසේ
හැබෑවී මෙදා
පුරුද්දක් කළේ දිවියේ
මටත් නොහැඟුණා

පහන් තාරුකාවක් මාගේ
හදේ පායලා
ගිලන් පෙම් පැතුම් හිත පතුලේ
කොහේටද වෙලා

නෙතින් වැටුණු කඳුළැල් ඔබගේ
අතින් පිසදමා
සිනාසෙන්න ආසයි හැම කල් ඔබේ ලොව පුරා

පහන් ටැඹ වෙලා දිවි ගමනේ
නවාතැන් සොයා
රැඳෙන්නට හිතයි සෙවණේ
සුසුම් හැරදමා

ඔබෙන් ලැබුණ ආදරේ නම්
අනන්ථෙට එහා
පුරුද්දක් ද මේ දිවියේ
මටත් නොහැඟුණා

හිරු මල් කිනිත්තක් දරා
සිහිලැල් පියාපත් සලා
සුළඟින් හොරෙන් මඟ අසා
එන්නම් සැණින් ඔබ සොයා

මතකෙන් ඉඩක් ඉල්ලලා
තුරුලෙන් ලැගුම් ගෙන එදා
හසරැල් ලොවක් හිත මවා
හෙට මා ඔයාගෙ වෙනවා
හෙට මා ඔයාගෙ වෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hiru Mal Kiniththak Song Lyrics - හිරු මල් කිනිත්තක් ගීතයේ පද පෙළ Hiru Mal Kiniththak Song Lyrics - හිරු මල් කිනිත්තක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 14, 2021 Rating: 5

0 comments:

Post a Comment