ඔසුවලට පටබැඳි අපූරු රහස්‍ය නම් ( Hela Osu )

ඔසුවලට පටබැඳි අපූරු රහස්‍ය නම් ( Hela Osu ) - Your Choice Way
දැන් ඔබ කියවන්නේ පැරැණි වෙදැදුරන් බෙහෙත් පැළ වර්ග ඔසුවලට පටබැඳි අපූරු රහස්‍ය නම් ය. මදක්‌ විමසනු මේ ගැටපද කොතරම් මිහිරිද....

◾දෙළුන්ගෙඩියේ හස - දෙළුම් පොතු
◾රහෙන් වරාවට - රණවරා
◾රුසි වසනා කල - කුනුමැල්ල
◾වසු ඇතියකුහට ගසකි - රුක්‌ අත්තන
◾විදුරඹ - එළදෙනගේ මුත්‍ර
◾හැමකල් පවතින ඖෂද - ඉඟුරු
◾ගස්‌වල තිබ්බොටු ඔක්‌කොම - තිබ්බොටු සහ මුලින්ම
◾මුනිඳුගේ සරණා - බුත්සරණ
◾යකුන් වැහෙන ගස - රුක්‌අත්තන
◾කටු ඇති වැල්ල - කටුකැලියා
◾විසකුම්බා නම් - ජයපාල
◾රසකුම්බා නම් - කිතුල්ගස
◾තිලෝගුරු නම් - එඬරුගස

◾එරටමුදලියා - එරබදු
◾විසකුම්බලා නම් - පොල්පලා
◾විජයානෝනා - වැල්රුක්‌අත්තන
◾විසට නියම කොල - වල්කැප්පෙට්‌ටියා කොල
◾සුරතින් පියයුරු - අත්තන
◾උක්‌පත හරහට මුත්‍රා - උක්‌පැණි
◾ගස්‌වැල මානෙල් - ගොඩමානෙල්
◾තිත්තමුසුව පොතු - තිත්තවැලේ පොතු
◾පැත්තනැතුව තුන්දාර - තුන්දාරවැලේ පොතු
◾හොඳට මහත ඇති තුන්දෙනා - ඇත්තෝර, ඇත් අගුණ, ඇත්දෙමට
◾දොසට කපන දෙය - දෙහි
◾නැකත් කියන අය - නිවිති
◾සතරක්‌ එකතු නම් - සිවුරැස්‌ස
◾වැඩිකල නිදිමත - නිදිකුම්බා
◾විසදොස හරිනා කාලපොතු - දෙහිකොල පොතු
◾අගලනුව දකින්නේ - සස්‌සදපල
◾ඉසසෝදනකොට ගන්නේ - දෙහි
◾තාපසයාගේ නම - මුඩ මහණ
◾යකා වැනසූ ඖෂධ - යක්‌හනස්‌ස
◾කටේ වටේට ඇති දේ - දත්කැටියා
◾රුසි යුසයත් - දෙහි ඇඹුල්
◾ඈ පස්‌ - ලිපයට පස්‌
◾ලසුණු - සුදුළූනු
◾රුසියගේ දොරකඩ උපන් ගස - දෙහි
◾උඩසිට රත්තා - මිදි බිජු
◾නායක අය - නා පොතු
◾පිටේපොතුත් - පිට පොත්ත
◾ජල මෙනේරි - දිය මෙනේරි
◾තිලෝගුරු ඇමති - දිවිකදුරු
◾මුල් නැති පස්‌වග ඖෂධ - ගැඩවිල් පස්‌
◾තුනැසින් යුත් පලකිරි - පොල්කිරි
◾ඇඹුලෙන් සිය ඔසු - සියඹලා
◾ලිපට දැමූ දර - පෙනෙල
◾අඟ උඩින් ගෙන - ඇඟ ගැල්ලීම
◾වද ගෑනිගේ කොස්‌ කොල - මදුරුකොල
◾තන අල්ලාගන්නා තෙල - එළඟිතෙල්
◾විජයකෝන් - වැල් රුක්‌අත්තන
◾හස්‌තය - අත්තන
◾හොස්‌ස - තෙලබෝ
◾එහිසම්පොතු - තෙලබෝ කොල පොතු
◾දොරකඩ මිදුලේ තැනූ ගස - කරපිංචා
◾ඉල්මස පසුකර බෑයට - උඳු
◾උල්කරලීයේ මුල් - කරමුල්
◾බැට දී ගත් තෙල් - එළඟිතෙල්
◾රිසි ඇති දළුවෙන් - දෙහි ඇල්ලෙන්
◾මුල සිට අගට ඇති වැල - මුඟුනුවැන්න
◾පැලයට හූන්මා - නරමුත්‍රා
◾දිනිසුරු නිසයුරු නැති දවස - කළුවර
◾නිතර ගෙදර ගලපිට වැඩි ළඳ - කහ
◾පුත්තලමින් ආ අය - ලුනු
◾වත්තේ පබුළුව - කහඹිලියා
◾අහන්න පබුළුව - වදකහඹිලියා
◾අලුබුනම් - අඹගස
◾අලුබෝනම් - බෝගස

◾ආභරණ කුමාරයා - වහතැල්ල
◾මහාපැණි වෘක්‍ෂ - බක්‌මී ගස
◾විදුරඹයේ නම් - එලමුත්‍ර
◾බාණුටකැප ඇති ඕවිට - වැල්කැප්පෙට්‌ටිය
◾පානට යදිමින් - පානෙන් රත්කර
◾මඟුලේ යන අය - මඟුල් කරද
◾කුඹුරේ මඩ - කුඹුරු ඇට මද
◾වැස්‌සට පැලයට සිටලා - නර මුත්‍රා
◾කින්නරාගේ ඉස - කවුඩු බෝ
◾රදාලියගේ සෙම්පොතු - රදලියපොතු
◾බඩහැලියන් - කුඹල් කුරුමිණියන්
◾කේසර මුදියන්සේ - කේසර බැවිල
◾කැලෙන් කැපූ පොත්ත - කැටකෑල
◾කළුකුමාර මුදියන්සේ - කලු හබරල
◾වැල් කැලණිය - වැල් කීඩාරං
◾බුත්තිල කුමාරයා - බුලත්
◾කුඹුරේට පැලට ගිය - මදුරු කොල
◾කුඹුරේ ඒ නම් - කුඹුරු කොල
◾මගුලේ යන්නේ - මගුල් කරඳ
◾නිදිරාජ මුදියන්සේ - නිදිකුම්බා
◾ගජුන් ද ගන්නේ - හොඬල අල
◾මහ පනික්‌කිල - අමුකහ

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඔසුවලට පටබැඳි අපූරු රහස්‍ය නම් ( Hela Osu ) ඔසුවලට පටබැඳි අපූරු රහස්‍ය නම් ( Hela Osu ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 01, 2021 Rating: 5

0 comments:

Post a Comment