අසීම්ත වූ රෝග ගණනාවකට ගුණ දෙන - ගිරිතිල්ල (Girithilla)

අසීම්ත වූ රෝග ගණනාවකට ගුණ දෙන - ගිරිතිල්ල (Girithilla) - Your Choice Way
✅ ගොඩබිම් පොළවේ කුඩා කෑළෑ ආශ්‍රිතව,පොල්වතු ආශ්‍රිතව සරුවට වැඩෙන වැල් විශේෂයක් තමයි ගිරිතිල්ල.එය ආවේනික ශාකයක් බව සඳහන්.සමහර ගැමියන් මාන්ඩවැල් කියලත් කියනවා.මොන නමින් හැඳින්වුවත් ගිරිතිල්ල කියන්නෙ ඖෂධයක්.ඒ ඖෂධීය ගුණ දන්න නිසාම තමයි අතීතයේ හෙලයන්ගෙ හෙළ බොජුන් අතරෙ ගිරිතිල්ල අවුළුව ඉහලින්ම වැජඹුනේ.

✅ ඒ කාලෙ ගෘහණියො ගිරිතිල්ල ව්‍යංජනය බත් පතට බෙදුවෙ ,ගෙදර ඈයින්ව නිරෝගීව තියන වගකීම ඉටු කරන්න විතරක් නෙවෙයි,දීර්ඝායු විඳින්නත් ඒ බත්පතම හේතු වුන හිංදායි.

✅ ගිරිතිල්ල ගෙඩි ⁣විතරක් නෙවෙයි දලුත් රස කෑමක්.ගිරිතිල්ල දලු මැල්ලුමට වගේම ඇඹුල උයන්නත් පුළුවන්. 

✅ නැබඩ,බාලොලි,එරමිණියා ,කරඹ,මාර,දං,ඉඳි වගේ ගඩාගෙඩි අතර ගිරිතිල්ල ගෙඩිත් තිබුනා.ඉදුන ලාවුළු වලට සමාන රසක් තමයි හොඳින් ඉදුන ගිරිතිල්ල ගෙඩිවල තියෙන්නෙ.

✅ ගිරිතිල්ල වැලේ මුල්,කිරි,දඬු,කොල,ගෙඩි හැම දෙයක්ම ආයුර්වේද බෙහෙත් සඳහා යොදා ගන්නවා.හැම ගෙදරකම වගේ තියෙන සර්ව විෂාදී තෛලය ගැන දන්නවා ඇතිනෙ.සර්ව විෂාදි තෛලය සකස් කිරීම සඳහාත් ගිරිතිල්ල ශාකය භාවිතා වන බව සඳහන් වෙනවා.

✅ ගිරිතිල්ල වැලේ ගුණ ගැන කෙටියෙන් සඳහන් කලොත්,
🌿 සන්ධිගත වාත රෝග සඳහා යෝග්‍ය වෙනවා.
🌿 පිළිකා ඇති වීමේ අවධානම අඩු කරන්නත් ගිරිතිල්ල වලට පුළුවන්.
🌿 ආහාර රුචිය ඇති කරන්නටත් බඩගිනි වැඩි කරන්නත් පුළුවන්.
🌿 කාන්තාවන්ගෙ ගර්භාෂගත රෝග සඳහා ගුණ දෙනවා.
🌿 ශ්වේතප්‍රදරය ඇති අයට ගුණයි.
🌿 පරණ තුවාල සඳහා මෙන්ම ඉදිමුම සඳහා ඖෂධ පිණිස යොදා ගන්නවා.
🌿 දියවැඩියාවට ගුණයි .
🌿 කැස්ස,ඇදුම රෝග සඳහා ගුණයි .
🌿 කාන්තා පිරිමි දෙපක්ෂයටම උත්තේජනය වැඩි කරවන වාජීකරණ ඖෂධයක් විදියට ක්‍රියා කරනවා.
🌿 බල්ලන් සපා කෑ විට ඔසු පිණිස බහුලව යොදා ගන්නවා.
🌿 මල බද්ධය දුරු කරන්නත් ගිරිතිල්ල වලට පුළුවන්.
🌿 රක්ත වාතයට ගුණයි.

✅▶️ ගිරිතිල්ල ගෙඩි ව්‍යංජනයක් සාදන ආකාරය...◀️✅
🌿 ගිරිතිල්ල ගෙඩි හතරට කපලා ඇට ඉවත් කර ගන්න.
🌿 දැං හෝදලා පිරිසිදු කරලා වතුර බේරෙන්න තියන්න.
🌿 ළුෑණු ,සුදුළුෑණු ,රම්පෙ කරපිංචා ,උම්බලකඩ ,අමුමිරිස් කපලා පැත්තකින් තියා ගන්න.
🌿 අවශ්‍ය නම් පොල් කිරි ස්වල්පයක්.
🌿 මුලින්ම ළුෑණු කරපිංචා ටික තෙම්පරාදුවට දා ගන්න.
🌿 ඒ ටික හොඳට බැදුනම කපාගත්ත ගිරිතිල්ල ගෙඩි ටික දාල කලවම් කරන්න.
🌿 ගින්දර හොඳටම අඩු කරලා විනාඩි දෙක තුනක් වහලා තියන්න.
🌿 දැන් පොල් කිරි යන්තම් දාලා කෑලි මිරිස්,ලුණු ,කහ,තුනපහ ටිකක් එකතු කරලා කලවම් කරන්න.
🌿 ගිරිතිල්ල පිටි ගතියයි.ඒ නිසා ඉක්මනට තැම්බෙනවා.අඩු ගින්දරේ තවත් විනාඩි තුනක් විතර වහලා තියන්න.
🌿 දැන් අඩුපාඩු බලලා කිරි හිඳුනම ලිපෙන් බා ගන්න.

✅⁣කාලම නැති අයට තියෙන ප්‍රශ්නෙ තමයි ගිරිතිල්ල මොන රසද? 🙄🙄🙄

තව දේකට සමාන කරන්න බෑ ඉතිං.ඒවට ආවේනික රසක් තියෙන්නෙ..

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අසීම්ත වූ රෝග ගණනාවකට ගුණ දෙන - ගිරිතිල්ල (Girithilla) අසීම්ත වූ රෝග ගණනාවකට ගුණ දෙන - ගිරිතිල්ල (Girithilla) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 29, 2021 Rating: 5

0 comments:

Post a Comment