Eka Wasanthayaka Song Lyrics - එක වසන්තයක ගීතයේ පද පෙළ

Eka Wasanthayaka Song Lyrics - එක වසන්තයක ගීතයේ පද පෙළ
Song Title : Eka Wasanthayaka (එක වසන්තයක)
ගායනය : කසුන් කල්හාර
ගී පද : කැලුම් ශ්‍රීමාල්
සංගීතය : සුරේෂ් මාලියද්ද


එක වසන්තයක එක රාත්‍රියක දැනුණා මතකයි
මට ඉබේම වාගේ ඔබෙ සුවඳ
එක හුස්මක් වත් ගන්නට ඉඩ නැති තරමට
දැනුණා... විතරක් මතකයි...

හද ලුහුබැඳ ඉව කරනා
පෙර ස‍සරක සුපුරුදු සුවඳ
ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද
ඔබමද ඒ සොඳුර...

ඒ වසන්තයෙහි හමුවන සුළඟ සමග
සසැඳී පෑහෙන්නට හිතයි මට
ඔබෙ සුවඳ සමග මුසුවනු පිණිස
මගෙ සුසුමක් තියන්නද...
සිහිවනු පිණිස... සොඳුර...

මේ වසන්ත‍යම ගතවී යන්නට පෙර
‍තුරුලේ ඇහිරෙන්නට පතමි මම
ඔබෙ සිතැඟි වලට මුසුවනු පිණිස
මගෙ හැඟුමක් තියන්නද...
ගිවිසනු පිණිස... සොඳුර...

එක වසන්තයක එක රාත්‍රියක දැනුණා මතකයි
මට ඉබේම වාගේ ඔබෙ සුවඳ
එක හුස්මක් වත් ගන්නට ඉඩ නැති තරමට
දැනුණා... විතරක් මතකයි...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eka Wasanthayaka Song Lyrics - එක වසන්තයක ගීතයේ පද පෙළ Eka Wasanthayaka Song Lyrics - එක වසන්තයක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 29, 2021 Rating: 5

0 comments:

Post a Comment