ඹෟෂධීය ගුණයෙන් යුත් දෙවොල් කෙසෙල් ( Devol Kesel [ Dewol Kesel ] )

ඹෟෂධීය ගුණයෙන් යුත් දෙවොල් කෙසෙල් ( Devol Kesel [ Dewol Kesel ] ) - Your Choice Way
🌿දෙවොල් රත් කෙහෙල් ලොව පැවත එන කෙසෙල් වර්ග වලින් ඉදුණු පසුව ඉබේම ලෙලි ඇරෙන කෙසෙල් වර්ගයක් වන මෙය සෙසු කෙසෙල් මෙන් උස යන්නේ නැත. අඩි තුන හතරක් පමණ උස යන මෙම කෙසෙල් ගසක වට ප්‍රමාණය අගල් තුන හතරකින් යුක්තය. 

🌿ගස පීදෙන්නේ උඩ අතටය. කෙසෙල් මුහයක් පීදීමෙදී පහලට නැමෙන්නේ නැත. උඩ අතට වැඩෙයි. මුව පියන් පත් විවර වන්නේ ගෙඩි අග හටගත් විශාල මල් සමූහයකින් යුක්තවය. වැඩුණු කෙසෙල් ගසක කෙසෙල් මලක් පීදීමෙන් පසු පැසෙන්න මාසයක පමණ කාලයක් ගතවනවා. ඇවරි තේරී අවසන් වූ පසුව මුහය නැති වී යයි. ගෙඩි වැඩෙන විට ඒවා රතු පැහැයෙන් යුක්තය. එහි මදය ඇට සහිතය. ඇටි කෙසෙල් වැනිය. ඉදුණු පසු සිත් ඇදී යන සුවදකින් යුක්ත වන අතර ඉතාම මිහිරි රසයකින් යුතුය. 

🌿මදය ඇට සහිත බැවින් විකා කෑමට නොහැකිය. වතුර පතක් පමණ පිරවූ භාජනයකට ඉදුණු කෙසෙල් මදය දමා පොඩිකර පෙරා බීමෙන් දිවට මිහිරි රසයකුත් ශරීරයට විශාල ඹෟෂධීය ගුණයක් ලැබීමට හේතුවේ. මෙම ඹෟෂධීය පානයද ඇටි කෙසෙල් මුහයද දියවැඩියා රෝගයට දිව ඹසුවකි. 

🌿මෙම දොවොල් කෙසෙල් ඇවරියක් දෙවියන් උදෙසා පූජා කිරීමට හැකිනම් අදාල පූජාව තබන පුද්ගලයා ඇතුළු පවුලටම දේවාශිර්වාදක් හා දේව ආරක්ෂාව ලැබෙන බවට පැරණි මතයක් තිබෙනවා. රත් කෙසෙල් හෙවත් රතු කොච්චි කෙසෙල් පුජා වලට තැබීමට සිදුව ඇත්තේ මෙම කෙසෙල් වර්ගය සොයා ගැනීමේ දුෂ්කර තාවය මතයි.

විශ්මිත හෙළ ඔසු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඹෟෂධීය ගුණයෙන් යුත් දෙවොල් කෙසෙල් ( Devol Kesel [ Dewol Kesel ] ) ඹෟෂධීය ගුණයෙන් යුත් දෙවොල් කෙසෙල් ( Devol Kesel [ Dewol Kesel ] ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2021 Rating: 5

0 comments:

Post a Comment