Dethol Wila Song Lyrics - දෙතොල් විල ගීතයේ පද පෙළ

Dethol Wila Song Lyrics - දෙතොල් විල ගීතයේ පද පෙළ
Song Title : Dethol Wila (දෙතොල් විල)
Artist : Kasun Kalhara
Music : Sarath De Alwis
Lyrics : Nisanga Mayadunne


දෙතොල් විල මත මදහසක් වී පිපෙන්න
කොපුල් තල සිඹ සුසුම් උණුහුම විඳින්න
විසල් ලොව පෙර සේම අසිරිය දකින්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න

ආල වදනින් මගේ හිත සුව කරන්න
තාල නගමින් මිහිරි ගි වැල් ගයන්න
ආල වදනින් මගේ හිත සුව කරන්න
තාල නගමින් මිහිරි ගි වැල් ගයන්න
සේල යහනේ වරු ගණන් නිදි වරන්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න

ළඟම රැඳෙමින් කඳුළු හසරැලි විඳින්න
රසම රස බත් කටක් ආයෙත් කවන්න
ළඟම රැඳෙමින් කඳුළු හසරැලි විඳින්න
රසම රස බත් කටක් ආයෙත් කවන්න
හුරු පුරුදු ලෙස ඔබ් තුරුලේ වෙලෙන්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න
හුරු පුරුදු ලෙස ඔබ් තුරුලේ වෙලෙන්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dethol Wila Song Lyrics - දෙතොල් විල ගීතයේ පද පෙළ Dethol Wila Song Lyrics - දෙතොල් විල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2021 Rating: 5

0 comments:

Post a Comment