බිබුල අකුරැස්ස (Bibula Akurassa)

බිබුල අකුරැස්ස (Bibula Akurassa) - Your Choice Way
මෙය කෙතරම් දැඩි නියඟයක දී වුව ද නොසිඳෙන ජල උල්පතක් වන අතර, අකුරැස්ස තලහගම ප්‍රදේශයේ පිහිටා ඇත.

දශක ගණනාවකට පෙර මෙම ස්ථානයට නුදුරින් විශාල ජල බුබුලක් පැවති අතර, එම ස්ථානය මිනිස් ජීවිත බිලි ගන්නා ස්ථානයක් යැයි ජනතාව අතර භීතියක් ඇති වීම හේතුවෙන් එම ස්ථානය විශාල දැව කඳන් අලින් ලවා දමා පා ගවන ලද අතර , ඉන් පසු එම ස්ථානයේ පැවති ජල බුබුල ඒ අවට ස්ථාන කීපයකින් මතුව ඇතැයි පැරැන්නෝ පවසති.

මීට වසර දෙකකට පමණ පෙර තලහගම නැගෙනහිර ගොවි සංවිධානය විසින් මෙම ජල බිබුල කොන්ක්‍රීට් සිලින්ඩර යොදා ගනිමින් සංවර්ධනය කොට ඇත.

මෙම දිනවල පවත්නා දැඩි  නියං තත්ත්වය හමුවේ තලහගම සහ ඒ අවට ගම්මාන වන උග්ගස් හේන , කම්බි අඩිය, විල්පිට, ආදි ගම්මා රැසක ජනතාවට මෙම ජල උල්පත මහත් අස්වැසිල්ලක් වී ඇත.

මුහුදට දුරින් කිලෝමීටර් 25ක් පමණ උවත් සුළු ලවන රසයෙන් යුතු ජලය සහිත මෙම දිය බුබුල මුහුදත් සමඟ සම්බන්ධව ඇතැයි අනුමාන කල හැකි සාධක පවතී. 

ඇතැම් විට මෙම ජල බුබුලෙන් සිප්පි කටු මතුවන බවත්, 2004 වර්ෂයේ දෙසැම්බර් 26 වන දින පැවති සුනාමි ව්‍යවසනය අවස්ථාවේ මෙම ජල බුබුලෙන් මඩ පැහැති ජලය නිකුත්වූ බවත් ප්‍රදේශවාසීහු පවසති.

රුසිරු තාරක
ගමන් විස්තර සදහා විමසන්න - 0774069204
Instragram - rusiru_ferndz
බිබුල අකුරැස්ස (Bibula Akurassa) - Your Choice Way

බිබුල අකුරැස්ස (Bibula Akurassa) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බිබුල අකුරැස්ස (Bibula Akurassa) බිබුල අකුරැස්ස (Bibula Akurassa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 20, 2021 Rating: 5

0 comments:

Post a Comment