වතුර බොන එකෙන් අපිට ලැබෙන වාසී 😱 ( The Benefits We Get From Drinking Water )

වතුර බොන එකෙන් අපිට ලැබෙන වාසී 😱 ( The Benefits We Get From Drinking Water )
අනිවාර්යයෙන් ඔබ කිවයිය යුතුම ලිපියක්🙏😱😬

ජලය කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක් කියන එක අපි හැමෝම දන්නා රහසක්. කිසිම අපහසුවකින් තොරව තවමත් පිරිසිදු පානිය ජලය සොයා ගන්න පුළුවන් වටපිටාවක ජිවත් වෙන අපි, ජලය පානයෙන් ලැබෙන වැසි ගැන හරියට තේරුම් අරගෙන නැති නිසා වර්තමානයේ බොහොමයක් ලෙඩරෝග වලින් පීඩා විදිනවා. 

ඔබ දන්නවද සමහරක් රටවල් වලට වතුර නැතුව පීඩා විදිනවා.ඒත් ලංකාව එ අතින් වාසනාවන්තය.....

ඉතින් ඔබ තුල ඇති වැරදි අවබෝධයන් නැති කරගෙන අද ඉන්දන්වත් හරියට වතුර බොන්න පුරුදු වෙන්න. 

**©® නිරෝගීව ජිවත්වීමට පෝෂ්‍යදායී ආහාර වේලක් වගේම ජලයද අත්‍යවශ්‍ය සාධකයක් බව ඔබ මතක තබා ගත යුතුම දෙයක්. සාමාන්‍යයෙන් අපේ ශරීරයට දවසකට වතුර වීදුරු 08ක් වත් පානය කිරීම අත්‍යවශ්‍යයි. නමුත් ඔබ දවසකට වතුරු වීදුරු 08ක් බොන්න ඕනේ කියලා, ඔබට මතක් වුන වෙලාවක එකපාරම වතුර විදුරු ගණන් බොන එක නම් වැරදියි. මොකද ඒකෙන් වෙන්න නැති ලෙඩ දාගැනීමක් විතරයි. 

**©® ඔබ කාර්යබහුල පුද්ගලයෙක් වුනත්, පැය 1/2 කට සැරයක් වතුර උගුරු 3 ගානේ වත් බොන්න පුරුද්දක් ඇතිකර ගත්තොත් ඔබට නොදැනීම දවසට අවශ්‍ය ජල ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. මේ විදිහට වතුර බොන එක අපේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් යහපත්. නමුත් සමහරු සැරින් සැරේ washroom යන්න වෙන නිසා වතුර බොන එක හිතාමතාම අතපසු කරනවා. ඒ වුනත් මේ විදිහට වතුර බොන්න පුරුදු වුනොත් නම් ඔබට washroom යන එක ලොකු ගැටළුවක් වෙන එකක් නම් නැහැ .

**©® ඔබ වතුර බොද්දි කරන තවත් වැරැද්දක් තමයි, කෑම ගන්න අතරතුර වතුර බොන්න පුරුදු වෙලා ඉන්න එක. එමගින් ආමාශයෙන් ශ්‍රාවය වන ආමාශයික යුෂය තනුක වී ආහාර දිරවීමේ ගැටලු ඇති වෙන්න පුළුවන් වගේම කෑම කාලා ඉවර වෙච්ච ගමන් වතුර විදුරු ගණන් බොන එකත් ශරීරයට හොද නැහැ. කෑම කෑවට පස්සේ වතුර උගුරක් දෙකක් බොන එක වගේම පැය 1/2 කට පස්සේ වතුර උගුරු කිහිපයක් බොන්න පුරුදු වෙන්න එකත් හොදම ක්‍රමය විදිහට හදුන්වන්න පුළුවන්. ඒ වගේම ව්‍යායාම කරපු ගමන්, කෑම ගොඩක් අරන් ඉන්න වෙලාවටත් එකපාර වතුර ගොඩක් බොන එකත් සුදුසු වෙන්නෙ නැ.

**©® පුරුද්දක් විදිහට ඔබ උදෑසන හිස්බඩ මදරස්නෙන් වතුර වීදුරුවක් බොන්න. නින්ද නිසා පැය 8 ක් විතර වේලිච්ච ඔබේ ශරීරයට මේ වැටෙන වතුර වීදුරුවා නිසා ඔබේ මුළු ශරීරයම ප්‍රාණවත් කරන්න උදව් වේවි. හැබැයි වතුර බීලා පැය 1/2 ක් විතර යනකම් කිසිම ආහාරපානයක් ගන්න එපා. ඒ වගේම ඔබ ගැස්ට්‍රික් රෝගයෙන් පීඩාවිදිනවානම්  මේ පුරුද්දෙන් ඔබට යහපත් ප්‍රතිඵලයක් ලබා ගන්න  පුළුවන් වේවි. ඒ වගේම ඔබ තරමක් ස්ථුල පුද්ගලයෙකු නම් උදෑසන අවදි වූ වහාම මදරස්නෙ වතුර වීදුරුවකට මී පැණි තේ හැඳි 1/2  ක් පමණ දමා බොන්න එය ස්ථුලභාවය මට්ටු කරන්න ඔබට උදව් වේවි. 

**©® නිවැරදිව ජලය පානය කිරීමෙන් ඔබට වැළඳෙන බොහෝ රෝගාබාධවලින් මිදීමට අවස්ථාව පවතී. මූලිකවම ආහාර මාර්ගය ආශ්‍රිතව ඇතිවන රෝගවලින් වැළකී සිටීමට ඔබට හැකිය. මලබද්ධය, අර්ශස්, ග්‍රහණි, ගෑස්ටයිට්‍රිස් (අම්ලපිත්ත) මෙහිදී විශේෂ වෙයි.

**©® එමෙන්ම, හිස ආශ්‍රිතව ඇතිවන රෝග – ඉරුවාරදය, කොඳු ඇට පෙළ ආශ්‍රිතව ඇතිවන රෝග, විශේෂයෙන් බෙල්ල ආශ්‍රිතව ඇතිවන රෝග වළක්වාගත හැකිය. මීට අමතරව, අස්ථි සම්බන්ධ රෝග (වාතකන්ටිකා) – උදෑසන නැගිටින විට විලුඹ බිම තැබීමට ඇති අපහසුතාව වළක්වාගත හැකි අතර, ශරීරයේ ඇති අනවශ්‍ය මේදය හා කොලොස්ටරෝල් ඉවතට ගමන් කිරීමද සිදුවෙයි.

**©® එසේම, සමහර රෝග සඳහා ජලය ඖෂධයක් ලෙසද භාවිත වන බවද සඳහන් කළ යුතුය. එමෙන්ම, වකුගඩු ආශ්‍රිත රෝග – මුත්‍රා ගල් ඇතිවීමද නිවැරදිව පිරිසුදු ජලය පානය කිරීමෙන් වළක්වා ගන්න පුළුවන්. 

**©® ජලය නිසි ලෙස පානය කිරීමෙන් ඔබගේ සම නිරෝගී වීම හා පැහැපත් වීම, සෛල නිතර අලුත්වැඩියා වීමෙන් ඔබේ වයසට යෑමේ වේගයද අඩුවන බවද සිහියේ තබාගන්න. 

**©® එමෙන්ම, ජලය පානය කිරීමෙන් මතක තබාගැනීමේ ශක්තිය හා සිතීමේ ශක්තිය වර්ධනය කරගැනීමටද ඔබට හැකි වේ.

**©® පහසුව නිසා වර්තමානයේදී දෙමවුපියන් තම දරුවන්ට නිරන්තරයෙන් කෘතීම වසවිෂ සහිත ආහාර පාන ලබාදීමට පෙළඹී තිබෙනවා. ඔවුනට ජලය වැඩිපුර පානය කිරීමට දීමෙන් එම ආහාරවල ඇති විෂ ගතිය මූත්‍ර සමග පෙරී යාමට උපකාරී වන බවද මෙහිලා සඳහන් කළ යුතුය.

🙏මේ ලිපියෙන් ඔයාලා වතුර බොන art එක ගැන දැනගත්තනේ ඉතින් try කරලා බලන්නත් අමතක කරන්න එපා. 
ස්තුති 🙏 දිලා
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වතුර බොන එකෙන් අපිට ලැබෙන වාසී 😱 ( The Benefits We Get From Drinking Water ) වතුර බොන එකෙන් අපිට ලැබෙන වාසී 😱 ( The Benefits We Get From Drinking Water ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 04, 2021 Rating: 5

0 comments:

Post a Comment