Aho ! Pudumayak..... Song Lyrics - අහෝ ! පුදුමයක්..... ගීතයේ පද පෙළ

Aho ! Pudumayak..... Song Lyrics - අහෝ ! පුදුමයක්..... ගීතයේ පද පෙළ
Song Title : Aho ! Pudumayak..... (අහෝ ! පුදුමයක්.....)
Lyrics : Chathumi Silva (මධූ) (චතුමි සිල්වා)


දිටිමි සිතුවමක්.......
නේක හැඩ රටාවෙන්
අපූරුවට නිමාවක් දුටු.....
නතර වුනෙමි මා නොව
මොහොතකට හදවත.......
බලාසිටියෙමි පැය ගණන්
අසිපිය නොහෙලාම.......
රහස් කීවේ සුසුම් මට
මේ තමයි ඒ සිතුවම..........

ඇත්ත... මේක තමයි ඒක........

අයිතිකරගන්නට සිතිණි........
ඒත්....
කෙසේ මිල කරන්නද...
මට අමිල එකී සිත්තම......
බලා සිටියෙමි එදෙසම
නොහෙලාම ඇසිපිය........

"එක්ස්කියුස් මී......, මට ඔය පින්සල අරන් දෙනවද"

අසල සිටි සිත්තරෙක්
ඉල්ලුවා පින්සලක්
නොසිතාම දෙවරක්
කලේ මම උදව්වක්.......

අහෝ..! දුකකි... ඉරකි ... තීන්ත පාරකි........

ගැටී ඇත පින්සල 
අවාසනාවට වර්ණයක
නොදුටුවෙමි මා ඒ වගක්......
දුටිමි යලි බැලූ කල සිත්තම දෙස....
මා දුටු සිතුවම ඇත වෙනස්ව.....

මගේ සිතුවම සුසුම් නැවතුන
රවා බලයි දැන් මා දෙසම......

"මොකක්ද මේ කලේ... මෙහෙම ඉරක් අඳින්න කිව්වේ කවුද" 

සමාවෙයන් සිතුවම මට
සිතා මතා කලේ නැත
උපකාරයක් කලා පමණි
ඔබට වරදක් කරන්නට
නොසිතුවෙමි මා කිසිත්........

මගේ සිතුවම මට අහිමි
බෑලු දැන් මගේ වෙන්න......
අැන්ඳාලු රේඛාවක්
සියලු හැඩ කැපෙන්නට......

" අනේ ... මන් ඕන කමින් කලේ නෑ.. පින්සල දෙනකොට ඉරක් ඇඳිලා... මට සමාවෙන්න"

සමාවට ඉඩ නෑලු
සිත්තම දැන් මගේ නෙවේලු
ඒත් .......
මම බලා සිටින්නෙමි 
ඒ සිතුවම දෙසම.......
අහිමි මුත් මන් කැමති........
ඉරට මට රවන
සිත්තම නුඹට තුති
දෙඇස් මගේ පිනවුවාට.........

..........මධූ........🖤

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aho ! Pudumayak..... Song Lyrics - අහෝ ! පුදුමයක්..... ගීතයේ පද පෙළ Aho ! Pudumayak..... Song Lyrics - අහෝ ! පුදුමයක්..... ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 01, 2021 Rating: 5

0 comments:

Post a Comment