යක්ෂනියක් සහ මහසෝනා (Yakshaniyak Saha Mahasona)

යක්ෂනියක් සහ මහසෝනා (Yakshaniyak Saha Mahasona) - Your Choice Way
මේකයි කතාව, හැමෝම දන්නව මල්වර උනායින්(ජම්බු ගහින් වැටුනයින්😂)පස්සෙ ඒ ගෑනු ලමයාව තනි කරන්නෙ නෑ කියල. ඉතින් අපෙ ලොකු අම්මගෙ දුව ඒ කියන්නෙ මට අක්ක කෙනෙක් ඔන්න ඉතින් අක්ක ගහෙන් වැටුනයින් පස්සෙ මෙයා කාමරේමයි ඉඳල තියෙන්නෙ අනිත් කට්ටිය සාලෙ. කොහොමෙන් හරි ඕම ඉන්න කොට ලොකු අම්ම එලියට ගිහින් මහප්පා ලොකු අම්ම එලියට ගිහින් කියල දන්නෙ නැතිව මහප්පත් ගිහින් අල්ලපු ගෙදට්ටද කොහෙද. ඉතින් අක්කට bathroom යන්න ඕන වෙලා ගිහින් වැඩේ අහවර කරන් එද්දි කුස්සියෙ මේසෙ යට මොනා හරි තියනව වගේ පේනවලු කලු පාටට අක්ක නිකමට වගෙ ආපස්ස් හැරිල බලලා. මෙන්න මේසෙ යට හිටපු එකා එලිය ඇවිත් ටික ටික උස යනවලු කෝම හරි මෙයා කෑ ගහනවලු එලියට සද්දෙ යන්නෙත් නෑලු කොමෙන් හරි අක්කට සිහිය නැති වෙලා. 

ලොකු අම්මලා එනකොට අක්ක කුස්සියෙ බිම වැටිල ඉන්නවලු.වැඩිය ගානක් අරන් නෑ ඊට පස්සෙ අක්ක ලොකු අම්මට කිව්වද නැද්ද දන්නෑ විස්තර කෝමෙන් හරි චාරිත්‍ර ටික අහවර කරලා ඉවර කරලා. මාසයක් විතර ගියාලු .

අක්කට ඉන්නවා ලොකු අයිය කෙනෙක් දවසක් අයියා සලෙට වෙලා game ගහන ගමන් ඉඳල තියෙන්නෙ අක්ක කාමරේට වෙලා අඬනවලු හිනා වෙනවලු හෙන් විකාරයක්ලු කොන්ඩෙත් කඩන් ඉන්නවලු ඇඳේ වාඩි වෙලා අයියා බය වෙලා ගෙවල් ගාව ඉන්න නැන්ද කෙනෙක්ට කියල. දැන් කටිය ගෙදට්ට ඇවිත අක්කව අල්ල හොල්ල පිරිත් දාල ඊට පස්සෙ අක්කට සිහි නැති වෙලා ඉතින් කෝමෙන් හරි තොයිලයක් නටන්න උනා දැන් ඔන්න තොවිලෙ වැඩේ කරන් යනවලු අක්කට වැහිල ඉඳල තියෙන්නෙ එයාලගෙ ගෙවල් ගාව ඔය වගෙ තොවිල් වැඩ කරපු ගැහැනියක් ඉඳල තියනවා එයා යක්ෂනියක් වෙලා ආවිත් තියෙන්නෙ. 

ගුරුන්නාන්සෙ අන්කල් ඇහුව කවුරු හරි පිරිමි කෙනෙක් ඉන්නවද ලමයි ඉන්න නමුත් දැන් බිරිඳයි ලමයි දාල ගියපු කෙනෙක් ඉන්නවද කියල ඊට පස්සෙ මාමා කෙනෙක් හිටියා එයා ආවා. ගුරුන්නාන්සෙ අන්කල් කිව්ව එයාට බතක් උයන්න කියලා ඊට පස්සෙ මුට්ටියක් බතක් ඉව්වා දැන් තොවිලෙ දවසෙ ඔය එක එක ආරූඩ මන්ත්‍ර කියවලා අක්කට කිව්ව අර බත් මුට්ටිය ඔලුවෙ තියා ගන්න කියල. ඉතින් අක්ක මුට්ටිය ඔලුව උඩ තියන් ඉන්නවලු අක්කට දැන් එන්න එන්න මුට්ටිය මාරම බරයිලු ඔලුව උඩ තියන් ඉන්නත් අපහසු තරමටම. මුට්ටිය බිම තිබ්බාම ඒකෙ ඇඟිලි පාරවල් තිබිලා. ඔන්න ඊට පස්සෙ ආයි මෙන්න මතුරනවා එතෝට අක්කට සිහිය නෑ අක්කගෙ ඇඟට අරන් කපුව ඇහුවලු ඇයි උඹ ආවෙ,මොකටද ආවෙ, කවුද උඹ වගේ ඔය නොයෙකුත් ප්‍රශ්න අහලා ඊට පස්සෙ කියල මන් එහා ඉඩමෙ හිටපු මෙන්න මෙයා කියල ඔය වගේ එවුවා කියල ඉතින්.ඊට පස්සෙ කෝම හරි යක්ෂනී යන්න කැමති වෙලා ඊට පස්සෙ යක්ෂනීගෙන් ඇහුවා උඹ ගියා කියල දැන ගන්නෙ කෝමද කියලා මන් අන්න අර අඹ අත්ත කඩාගෙන යනව කිව්වලු ඊට පස්සෙ ඔය ඉස්සරහ ඉන්න අය අයින් වෙන්න නැත්තන් මේකි යනකොට ඔයාලගෙ ඇඟට රින්ගයි කිව්වා ඊට පස්සෙ කට්ටිය ඉඩ දීලා ඔන්න කිව්ව වගේම අත්ත කඩන් වැටිල.ඔන්න වැඩේ අහවර කරලා කට්ටිය ගියාලු. 

සතියකට විතර පස්සෙ ඔන්න කිසි කරදරයක් නැතිව ලොකු අම්මල ඉන්නවලු සාලෙ t.v බල බල අක්කයි ලොකු අම්මයි විතරලු සාලේ ඔන්න අක්කට ඇහෙනවලු එලියෙන් කවුරු හරි අඬන් සද්දයක් කතා කරන සද්ද ඒම ලොකු අම්මට කිව්වලු අක්ක අම්මේ මෙන්න මේම මට ඇහෙනව කියල ඒ උනාට ලොකු අම්මට ඇහෙන්නෙ නෑලු ඊට පස්සෙ ලොකු අම්ම කුනු හරපෙන් බැනලා පලයන් යන්න අපිට ඉන්න දීල කියල ඊට පස්සෙ එලියට බැහැලා කොමෙන් හරි ලොකු අම්ම අක්කට පස්සෙ කිව්වෙ ඒ එලියට බැහැපු වෙලාවෙ කවුරු හරි ගේ ඉස්සරහ ඉඳන් ගියාලු දැන් නම් මදු අක්කට යන්ත්‍රයක් දාල තියෙන්නෙ තාම ඒක දාල තියෙන්නෙ ගල වන්න එපා කියලලු තියෙන්නෙ 

ඔන්න ඕකයි අක්කගෙ කතාව. 
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
යක්ෂනියක් සහ මහසෝනා (Yakshaniyak Saha Mahasona) යක්ෂනියක් සහ මහසෝනා (Yakshaniyak Saha Mahasona) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 27, 2021 Rating: 5

0 comments:

Post a Comment