අර්ශස් රෝගය සුවකරන තවත් රෝග රැසකට සුවය දෙන වැල් කොහිල ( Wal Kohila )

අර්ශස් රෝගය සුවකරන තවත් රෝග රැසකට සුවය දෙන වැල් කොහිල ( Wal Kohila ) - Your Choice Way
🌿 අප රටෙහි දක්නට ඇති , කිරි, ගුරු, කළු, රට, ගොඩ, ආදි විවිධ ප්‍රභේද වලින් යුත් කොහිල වර්ග අතරට වැටෙන වැල් කොහිල ආධාරක මගින් ඉහල නැගෙන, වේගයෙන් පැතිර යන වැල් ශාකයක්. සුදු ඉරි සහිත පත්‍ර වලින් යුක්තව වැඩෙන පැළෑටි, ලා කොළ හා තද කොළ පැහැයෙන් සැරසෙමින් ඉහල නගිනවා.

🌿 ඇන්තූරියම් මලට හුරු මල සුදු පාටින් පිපී, මෝරනවිට රත් පැහැ ගැ නෙනවා ආසියානු රටවල මෙන්ම මැක්සිකෝ, නිකරගුවා, ගෝතමාලා ක්වීන්ස්ලන්ඩ් ආදි ,අමෙරිකානු ඕස්ට්‍රේලියානු මහාද්වීපික රටවල ද දක්නට ලැබෙන වැල් කොහිල ප්‍රභේද 32 ක් හඳුනාගෙන ඇති බව සඳහන්. Goose foot, Arrow head vine, Five fingers ආදි විවිධ නම්වලින් හැඳින්වෙනවා. Araceae කුලයට අයත්.

🌿 ඖෂධිය ගුණයෙන් යුත් ශාකයේ කොළ ආහාර පිණිස ගන්නවා. දිග හැරීගෙන එන පත්‍රත් , දිග හැරුණු. අළුත තෙල් ගතියෙන් යුතු පත්‍රත්, වෑංජනයට, මැල්ලුමට, කොළ කැඳට එක්කරගන්නවා. මඳක් මේරූ කොළ කට කසන ගතියෙන් යුතු බැවින්, ආහාරයට සැකසීමේ දී, කඩා දිනක් මැළවෙන්නට හැරීම, (withering) ගොරක එක්කර පිස ගැනීම, වැනි ක්‍රම අනුගමනය කළ යුතු වෙනවා. පරිප්පු හෝ කොස්ඇ ට මිශ්‍ර කරගත් දලු වෑංජනයත්, ගොරක සුදුලූනු මිශ්‍ර දලු ඇඹුලත් ඉතා, රසවත් මෙන් ම ගුණවත්.

🌿 ප්‍රති ජීවක හා ප්‍රතිඔක්සිකාරක ගුණ සපිරි වැල් කොහිල ඇස්වලට හිතකරයි. ඇස් රෝගවලින් සිරුරට ආරක්ෂාව ලබා දෙනවා විටමින් ඒ හීනතාවෙන් ඇතිවන ගැටළු අවම කර දෙනවා.

🌿 ගිනියම් බව නසන සිසිල ගුණයෙන් යුතුයි. අම්ල පිත්ත රෝගය ආමාශ ගත තුවාල, අන්ත්‍ර රෝග වලට එරෙහිව ක්‍රියා කරමින් කුසගිනි වඩනවා. ආහාර ජීර්ණ පද්ධතිය ට උපකාරීවෙමින් මල බද්ධය දුරු කරනවා. අර්ශස් රෝගයට හා මල මාර්ගයේ අපහසුතාවලට එරෙහිව ප්‍රතිචාර දක්වනවා. 

🌿 අර්ශස් රෝගය සඳහා වැල් කොහිල කැඳත් දලු වෑංජනයත් ආහාරයට ගැන්ම ඉතා ගුණ දායකයි.

🌿 වැල්, කොහිල කඳ කැපූ විට එන කිරි පැහැ ශ්‍රාවය කැක්කුම් දෙන දතකට දැමීමෙන් කැක්කුම අඩුවන බව සඳහන්.

🌿 එසේම කුහුඹුවන් සපාකෑ විටත් එම යුෂ තැවරීමෙන් සහනය අත්වෙනවා. 

🌿 ශාකයේ මුල් හා පොත්ත ඉදිමුම් නැසීමේ ගුණයෙන් යුක්තයි , සමේ රෝග හා ගැඹුරු තුවාල සුව කිරීමට එය යොදා ගන්නා බව සඳහන්. බෙල්ලේ වායු ගෙඩි ඇතිවිට වැල් කොහිල දලු ඉදෙන බත මත හුමාලයේ තැම්බෙන්නට හැර ආහාරයට ගැනීම හිතකරයි.

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අර්ශස් රෝගය සුවකරන තවත් රෝග රැසකට සුවය දෙන වැල් කොහිල ( Wal Kohila ) අර්ශස් රෝගය සුවකරන තවත් රෝග රැසකට සුවය දෙන වැල් කොහිල ( Wal Kohila ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 13, 2021 Rating: 5

0 comments:

Post a Comment