Suhrdama Asalwasiya Song Lyrics - සහෘදම අසල්වැසියා ගීතයේ පද පෙළ

Suhrdama Asalwasiya Song Lyrics - සහෘදම අසල්වැසියා ගීතයේ පද පෙළ
Song Title : Suhrdama Asalwasiya (සහෘදම අසල්වැසියා)
Lyrics : දිනිති දීපිකා


එකම බත් මුට්ටිය නොඉදුනත්
පතට නම් හුවමාරු වෙයි
කියාගෙන සුළගටත් රහසක්
සුවඳ හමමින්ම ව්‍යාංජන....

ටිකක් හිර වෙච්ච ගවුමට
අල්පෙනිති රිදුම් ඇයි

දුව ගොසින් සෙනෙහසින්
ගනියි අල්මාරියෙ තමන්ගෙම ලෙස......

මඟුල් ගෙය ඇති විටදි
කතා බහ කරමාල
සිනාසෙයි ගෙල වටේ
නැහැ වෙනස බිල්පතේ නම ගම.....

හිලව්වක් ඉලව්වක් ආව විට
දෑත පටලා එකට යයි
පිඹගෙනම නෑදෑයො පරදවා.....

රිඳුම් දෙන විටදි නොන්ඩියක් ගසා
දෙපතුලුත් පිරිමදියි එකම කදුළක්
බෙදාගෙන සම සමව.............

සදන්නට සිතාගෙන දැම්ම විට
අලුත් ගෙබිමක් නැවුම් හසරැල් පතා
අබත් නැහැ පුපුරන්නෙ කීරී ගැසෙනා
සිතුවිල්ල දැවටිලා හද කොනේ...........

සන්තකය වුව සින්නකර
දුවයි මීටර සියයෙ වේගෙත් අභිබවා
එක නැට්ටෙ දෙහි ගෙඩි සොයා....

බෙදනවා නොබිදෙනම සෙනෙහසක්
ලියා බිත්තර කට්ටෙ
අසල්වැසි ප්‍රේමය.......
වැට මායිමෙන් පන්නලා
ජප නූල වළලනවා තඹ තහඩුවෙන්
නොමැකෙනා තිළිණයට.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suhrdama Asalwasiya Song Lyrics - සහෘදම අසල්වැසියා ගීතයේ පද පෙළ Suhrdama Asalwasiya Song Lyrics - සහෘදම අසල්වැසියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 29, 2021 Rating: 5

0 comments:

Post a Comment