Sanda Panak Se Awidin Song Lyrics - හඳ පානක් සේ ඇවිදින් ගීතයේ පද පෙළ

Sanda Panak Se Awidin Song Lyrics - හඳ පානක් සේ ඇවිදින් ගීතයේ පද පෙළ
Song Title : Sanda Panak Se Awidin (හඳ පානක් සේ ඇවිදින්)
Singing : Athula Adhikari (අතුල අදිකාරි මහත්මා) සහ Samitha Mudunkotuwa (සමිතා මුදුන්කොටුව මහත්මිය)


හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට

දූවිලි හුළඟින් පිරුණත් ඉපදුන නගරේ
මට නුපුරුදු ගමට එන්න බෑ
මේ නගරය අත්හරින්න බෑ
මගෙ උරුමය රැඳුනත් මා ලද ගම් පියසේ
මේ නගරයේ කූඩු වෙන්න බෑ
ගම්මානය අත්හරින්න බෑ

අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ
අතැර නුඹට ගමට යන්න බෑ 
මේ නගරය අත්හරින්න බෑ
මගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේ
මේ නගරේ පාළු වෙන්නෙ නෑ
මං තනියෙන් ගමට යන්නෙ නෑ

හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Panak Se Awidin Song Lyrics - හඳ පානක් සේ ඇවිදින් ගීතයේ පද පෙළ Sanda Panak Se Awidin Song Lyrics - හඳ පානක් සේ ඇවිදින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 11, 2021 Rating: 5

0 comments:

Post a Comment