Pura Pansalis Wasak Song Lyrics - පුරා පන්සාළිස් වසක් ගීතයේ පද පෙළ

Pura Pansalis Wasak Song Lyrics - පුරා පන්සාළිස් වසක් ගීතයේ පද පෙළ
Song Title : Pura Pansalis Wasak (පුරා පන්සාළිස් වසක්)
ගායනය : ප්‍රදීපා ධර්මදාස මහත්මිය  සමග දයාන් විතාරණ මහත්මා
පද රචනය : දෙල්දූවේ ඤාණසුමන හිමි
තනුව හා සංගීතය : සංගීත් වික්‍රමසිංහ මහත්මා


පුරා පන්සාළිස් වසක් ලෝ සතුන් දම් මිහිරෙන් පෙවූ ඒ
තථාගත බුදු සමිඳුගේ හඬ නතර වී ඇත
නතර වී

පුරා පන්සාළිස් වසක් ලෝ සතුන් දම් මිහිරෙන් පෙවූ ඒ
තථාගත බුදු සමිඳුගේ හඬ නතර වී ඇත
නතර වී

බමුණු දම් අඳුරෙන් වෙලා
සදා පීඩිත නන් දනන්
දුකඳුරින් ගලවාලු 'තුම් ඒ
මහා කරුණා සයුර බුදු හද නතර වී ඇත
නතර වී

හන්දදානි භික්ඛවේ ආමන්තයාමී වෝ
වයදම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ

කුළුණු ගුණයෙන් සැනසු සව් සත
දුටු දනන් හද බැ‍‍ඳේ නිරන්තර
දුකඳුරින් ගලවාලු 'තුම් ඒ
සදිසි නිලුපුල් බුදු ගෙ නෙත් යුග පියවෙලා ඇත
පියවෙලා

පුරා පන්සාළිස් වසක් ලෝ සතුන් දම් මිහිරෙන් පෙවූ ඒ
තථාගත බුදු සමිඳුගේ හඬ නතර වී ඇත
නතර වී

පුරා පන්සාළිස් වසක් ලෝ සතුන් දම් මිහිරෙන් පෙවූ ඒ
තථාගත බුදු සමිඳුගේ හඬ නතර වී ඇත
නතර වී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pura Pansalis Wasak Song Lyrics - පුරා පන්සාළිස් වසක් ගීතයේ පද පෙළ Pura Pansalis Wasak Song Lyrics - පුරා පන්සාළිස් වසක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 27, 2021 Rating: 5

0 comments:

Post a Comment