සුන්දර පිදුරංගල යමු (Pidurangala)

සුන්දර පිදුරංගල යමු (Pidurangala) - Your Choice Way
පහුගිය කාලයේ සමාජ මාධ්‍ය වල පිදුරංගල කියන්නේ ලොකු මාතෘකාවක් උන දෙයක් . ඒ මොකද කියලා සමාජ මාද්‍ය භාවිතා නොකරන කෙනෙක් උනත් රූපවාහිනී , ගුවන් විදුලි , පුවත්පත් යන කුමන හෝ විද්‍යුත් මුද්‍රිත මාද්‍යකින් දැක ගන්න ඇතිනේ . 

පිදුරංගල කියන්නේ මොකද්ද ? 

පලවන කාශ්‍යප රජතුමා තම වාසභවන සීගීරිය කරගන්න කලින් එහි වැඩ වාසය කරන ලද්දේ භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා . මේ නිසා එම භික්ෂූන් වහන්සේලා සඳහා ඉදි කරපු ආරාම සංකීර්ණය තමයි පිදුරංගල කියන්නේ 

පිදූ ආරණ්‍ය ගල , පිදූ අරංගල ....ඔන්න ඔය විදිහට භාෂා ව්‍යවහාරයේ ඇවිත් අද අපි භාවිතා කරන පිදුරංගල බවට පත්වුණේ .

ඒ කියන්නේ කාශ්‍යප රජතුමාගේ දායක පන්සල . මෙහි කඳු මුදුනේ ඇති සැතපෙන පිළිමය සාදවා තිබිලා තියෙන්නේ සීගිරියේ සිංහ පාදය ළඟ ඉදන් එක එල්ලේ දර්ශනය වන විදිහට . කාෂ්‍යප රජතුමා ඒ ආකාරයට පිදුරංගලට වැදුම් පිදුම් කල බවයි ජනප්‍රවාද තොරතුරු පැවත එන්නේ . 

නිධන් හොරුන්ගේ ග්‍රහණයට කල්‍ යත්ම මේ පිළිමය ලක් වෙනවා . පස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මෙම පිළිමය නැවත ප්‍රතිසංස්කරණය ට ලක් කරනවා . අද අපි දකින්නේ ඒ පිළිමයයි . 

පිදුරංගල පර්වතයේ ඉහල තියෙන බෝල ගල මොකක්ද ? 

ඇත්තෙන්ම මේක උගුල් ගලක් . සීගිරිය ආක්‍රමණය කරන්න එන සතුරන් පිළිබඳව සීගිරියේ සිටින රජතුමා දැන්වීමට මෙම ගල ස්ථාපිත කර තිබූ බවක් තමයි කියවෙන්නේ . ඈතින් සතුරන් එන විට මෙය පෙරලා සතුරන් නැසීමට උපයෝගී කරගන්නට මෙය මෙහි ගෙන ආවාදැයි සිතන්නත් පුලුවන් . 

ඒ කොයි හැටි වෙතත් මේ ගල මෙතනට ගෙනාපු විදිහ නම් අදටත් අභිරහසක් .

කොරෝනා වසංගතය ඉවර උනායින් පස්සේ , පිදුරංගල බලන්න නොගිය හැමෝම පිදුරංගල බලන්න යන්න . පිදුරංගල ගියපු අයත් මේ පෝස්ටුව කියවලා මෙහි වටිනාකම දැන ගෙන යන්න . 

එවිට කලින් වගේ අඳුරු මතක සටහන් සමාජගත වෙන එකක් නෑ . අපේ උරුමය සැමදා සුරකිමු . 

අන් අයටත් පෝස්ටුව කියවීමට share කරන්න.

උරුමයක වරුණ
සුන්දර පිදුරංගල යමු (Pidurangala) - Your Choice Way

සුන්දර පිදුරංගල යමු (Pidurangala) - Your Choice Way

සුන්දර පිදුරංගල යමු (Pidurangala) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සුන්දර පිදුරංගල යමු (Pidurangala) සුන්දර පිදුරංගල යමු (Pidurangala) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 09, 2021 Rating: 5

0 comments:

Post a Comment