පදවිගම්පල ගල් මැස්ස - රඹුක්කන (Padawigampala Gal Massa - Rabukkana)

පදවිගම්පල ගල් මැස්ස - රඹුක්කන (Padawigampala Gal Massa - Rabukkana) - Your Choice Way
ලංකාවේ අවසන් මහ රහතන් වහන්සේ වන මලියදේව මහ රහතුන් වැඩ වසන ලද , අනුබුදු මිහිදු හිමිගේ පාදස්පර්ශය ලද , 

වසර දහස් ගණනක උරුමයක් කරා දිවයන , ඉබ්බන්කටුව , බදුල්ල රංචමඩම සුසානයන් ටත් එහා කාල වකවානුවක් කරා දිවයන ලංකාවේ විශාලම ගල් සුසානය .

සිරස්ව විශාල ගල් පුවරු දෙකක් සිටුවා , ඒ මත විශාල ගල් පුවරුවක් තබා ඇත . පිටුපසින් තවත් ගල් පුවරුවක් තබා ගල් ලෙනක් ආකාරයට සකසා ඇත . 

ටොන් ගණනක බරින් යුතු මෙම ගල් පුවරු උපයෝගී කරගෙන මෙවැනි ඉදිකිරීමක් සිදුකිරීම තුලින් පුරාණ හෙලයන්ගේ හැකියාව මොනවට නිරූපණය වේ . 

ඉදිරිපසින් මෙයට පිවිසීම සඳහා ගලින් ම උළුවස්සක් බේරා තිබීම තුලින් අතීතයේදී මෙයට ගල් දොරක් හෝ ලී දොරක් ප්‍රවිශ්ට ය සඳහා තිබූ බැව් සිතාගත හැකිය . 

මෙවැනි විශාල ගල් පුවරු පදවිගම්පල කන්දේ සිට ගෙන එන්නට ඇතැයි පුරාවිද්‍යාඥයින්  විශ්වාස කරයි . 

උරුමයක වරුණ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පදවිගම්පල ගල් මැස්ස - රඹුක්කන (Padawigampala Gal Massa - Rabukkana) පදවිගම්පල ගල් මැස්ස - රඹුක්කන (Padawigampala Gal Massa - Rabukkana) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 08, 2021 Rating: 5

0 comments:

Post a Comment