මුරුංගා මස් වගේ උයමු (Murunga Mas Wage Uyamu)

මුරුංගා මස් වගේ උයමු (Murunga Mas Wage Uyamu) - Your Choice Way
මුරුන්ගා හැමදාම හදන විදිහට නැතුව මුරුංගා බැදලා මස් වගේ උයන විදිහ තමා දැන් කියලා දෙන්න යන්නේ. හරි රසයි.

✅ අවශ්‍ය දේවල් :

  • කැමති ප්‍රමාණයක් මුරුංගා
  • කහ ටිකක්
  • ලුණු ටිකක්
  • කහ ටිකක්
  • අමුතුනපහ ටිකක්
  • බැදපු තුනපහ ටිකක්
  • මිරිස් කුඩු ටිකක්
  • ඉගුරු සුදුලුනු පේස්ට් ටිකක්
  • කුරුදුපොතු කැල්ලක්
  • තෙල්
  • ලුනු අමුමිරිස්
  • කරපිංචා
  • සියබලා ඉස්ම ටිකක්
  • වතුර
  • උකු පොල් කිරි

✅ සාදාගන්නා ආකාරය :

  1. කැමති ප්‍රමාණයක් මුරුංගා අරගෙන එකේ පොතු යවා සොදන්න.
  2. පසුව වතුර ගතිය යවා ඒකට කහ ටිකක් ලුණු ටිකක් දමා මිශ්‍ර කර ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැද ගන්න. මුරුංගා ටික කළු වෙන්න දෙන්න එපා.
  3. පසුව බැද ගත් මුරුංගා වලට කහ ටිකක්, අමුතුනපහ ටිකක්, බැදපු තුනපහ ටිකක්, මිරිස් කුඩු ටිකක් වැඩිපුර දාන්න. මිරිස් සැරට මේ මුරුංගා කරි එක රසයි.
  4. පසුව හොදින් මිශ්‍ර කර ගෙන පසෙකින් තියන්න.
  5. දැන් භාජනයක් ලිප තියා එකට තෙල් ටික වෙන්න දාන්න.
  6. පසුව එකට ඉගුරු සුදුලුනු පේස්ට් ටිකක් හා කුරුදුපොතු කැල්ලක් දමා බැදෙන්නට හරින්න
  7. පසුව එකට කපා ගත් ලුනු අමුමිරිස්, කරපිංචා දමා තෙම්පරාදු කරන්න.
  8. දැන් මුරුංගා මිශ්‍රනය මේකට කලවම් කරන්න. මෙයටම සියබලා ඉස්ම ටිකක් එක් කර හොදින් කලවම් කර වතුර ඇබින්දක් එක් කරන්න.
  9. ටික වේලාවක් ගියාම උකු පොල් කිරි එක් කර කරි එක උකු ගතියට එනතුරු උයා ගන්න....
මුරුංගා මස් වගේ උයමු (Murunga Mas Wage Uyamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මුරුංගා මස් වගේ උයමු (Murunga Mas Wage Uyamu) මුරුංගා මස් වගේ උයමු (Murunga Mas Wage Uyamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 05, 2021 Rating: 5

0 comments:

Post a Comment