Landune Landune Song Lyrics - ලඳුනේ ලඳුනේ ගීතයේ පද පෙළ

Landune Landune Song Lyrics - ලඳුනේ ලඳුනේ ගීතයේ පද පෙළ
Song Title : Landune Landune (ලඳුනේ ලඳුනේ)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය : ප්‍රේමසිරි කේමදාස


ලඳුනේ ලඳුනේ
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ
දෙනෝදහක් අතගත්තද
සැමියෙකු නැති ලඳුනේ
නෑයෙක් නැකම නොකියන
වීදි සරන ලඳුනේ...ලඳුනේ
තෙල් මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පියමංවන
‍ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබද පටාචාරාවකි
ඔබද කිසාගෝතමියකි

පිරිමින්ගේ පාප කදට
දෝස විදින ලඳුනේ
අදුරේ පව් කරන දනා
එළිය ලබන ලඳුනේ
ලැම පමනක් ලොවට පෙනෙන
ලය නොපෙනෙන ලඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Landune Landune Song Lyrics - ලඳුනේ ලඳුනේ ගීතයේ පද පෙළ Landune Landune Song Lyrics - ලඳුනේ ලඳුනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 04, 2021 Rating: 5

0 comments:

Post a Comment