Wisirunu Tharu Path Sinduna Song Lyrics - විසිරුණු තරු පත් සිඳුනා ගීතයේ පද පෙළ

Wisirunu Tharu Path Sinduna Song Lyrics - විසිරුණු තරු පත් සිඳුනා ගීතයේ පද පෙළ
Song Title : Wisirunu Tharu Path Sinduna (විසිරුණු තරු පත් සිඳුනා)
Singing : Amarasiri Peiris (අමරසිරි පීරිස් මහත්මා) සහ Samitha Mudunkotuwa (සමිතා මුදුන්කොටුව මහත්මිය)
පද රචනය : ෂෙහාන් ගලහිටියාව
තනුව හා සංගීතය : රංග දසනායක


විසිරුණු තරු පත් සිඳුනා
හිම පිනි පවනක් සැඳුනා
තිගැසීයේ යන්තම් සිත මගෙ කිතිකැවුනා
පිනි නිල්ලේ සිත්තම් වල පෙම් ඉඟි ලැබුනා

සිතුවිලි කලබක් මැවිලා
හද මුදු හැඟුමක් පිරිලා
සැනසුමේ ඉන්නම් ළය මත සිත සතපා
නෙතු දැල්වී ඇත්නම් මගේ ලඟ නුඹ සැමදා

වහින්න මුතු වැස්සක්
වහින්න මුතු වැස්සක්
සිත පහන්ව ඉන්නේ,පැතුම් ළන්වෙලා සගවා
වහින්න මුතු වැස්සක්
වහින්න මුතු වැස්සක්
හද වහන්ව ඉන්නේ,සිතුම් ඉටුවෙලා නොදොඩා

නෙතු කොනේ කදුලු ඉනුවෙ නැත මා
පැතු ලෙසේ සුවඳ රැඳුනේ සදා
හද ගැබේ නුඹට ඉඩ නැත්තේ දසන්තේ
නුඹ මගේ සොඳුරු මතකේ රැඳුනා

රුව මැවේ දෝරක ක්ෂ්තිජේ ඉම හා
දුක හිතේ නුඹව නොලැබේ කියා
සිත මගේ නුඹට පුද දෙන්නේ වසන්තේ
සඳ රැයේ හැඟුම පවනේ සැළුනා

වහින්න මුතු වැස්සක්
වහින්න මුතු වැස්සක්
සිත පහන්ව ඉන්නේ,පැතුම් ළන්වෙලා සගවා
වහින්න මුතු වැස්සක්
වහින්න මුතු වැස්සක්
හද වහන්ව ඉන්නේ,සිතුම් ඉටුවෙලා නොදොඩා//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wisirunu Tharu Path Sinduna Song Lyrics - විසිරුණු තරු පත් සිඳුනා ගීතයේ පද පෙළ Wisirunu Tharu Path Sinduna Song Lyrics - විසිරුණු තරු පත් සිඳුනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 04, 2021 Rating: 5

0 comments:

Post a Comment