Kirula Song Lyrics - කිරුළ ගීතයේ පද පෙළ

Kirula Song Lyrics - කිරුළ ගීතයේ පද පෙළ
Song Title : Kirula (කිරුළ ගීතයේ)
Vocals : Hirushi Jayasena and Bachi Susan
Produced and Composed by Pasan Liyanage 
Lyrics : Uma Aseni


කඳුළු හා එතී සුසුම් පාවෙතී
සිහින ඉහිරුණු එක්ටැම් ගේ පුරා
පෙමක් ඉකිබිඳී හිතින් ලතවෙවී
සොඳුරු උරුමය නිහඬව කුස දරා

නුඹේ වගක් පවසන්න බැරී
සොඳුරු රුවැති නුඹ මටයි හිමි
පෙමක් වසන් කල හැකිද සකී
ලොවට පෙමට බැමි බඳිනු බැරී

කිරුළ අපේ පෙම් රජ දහනේ
හිමියනි මා තුරුළට ආවේ
මල් පාවඩ අතුරා නෑ මාවතේ
පය පරිස්සමින් මේ දිවිගමනේ

වැටෙන හුස්ම සේ රකින් පුතු මගේ
ගමන කෙලවර දුටුවොත් හෙට මගේ
කැකුළු මල අපේ අරන් යනු මැනේ
නපුර නොපෙනෙන තැනකට හිමියනේ

මංගල තැලි පට සේල නැතී
දිළිඳු පෙමකි ලොව කියනු ඇතී
ඒ පෙමින් උපන් මිණි කිරුළ සරී
මල් කැකුලට නු⁣ඹෙ සුවඳමයි හිමී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kirula Song Lyrics - කිරුළ ගීතයේ පද පෙළ Kirula Song Lyrics - කිරුළ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 12, 2021 Rating: 5

0 comments:

Post a Comment