නිවැරැදි ක්‍රමයට කිඹුලා බනිස් හදමු (Kibula Banis Hadamu)

නිවැරැදි ක්‍රමයට කිඹුලා බනිස් හදමු (Kibula Banis Hadamu) - Your Choice Way
හරිම ක්‍රමයට ලේසියෙන්ම හදමු කිඹුලා බනිස්......මෙන්න මේකයි ක්‍රමය.හදලම බලන්නකෝ,

✅ අවශ්‍ය ද්‍රවය :

  • පිටි 250g
  • යීස්ට් 4g
  • කිරි පිටි 10g
  • ලා උණු වතුර 100ml (හෝ කිරි 100 ml)
  • සීනි 20g
  • ලුනු තේ හැදි  ½ (tsp - ½)
  • බටර් තේ හැදි  3 (tbsp - 1)

✅ සාදන ආකාරය :

  1. පිටි, යිස්ට්, සීනි, බඳුනක මිශ්‍ර කර ඉන්පසු ලුනු මිශ්‍ර කරන්න.
  2. එයට කිරි, සහ බටර් දමා ගුලියක් (Dough) හදාගන්න.
  3. අතින් අනනවා නම් විනාඩි 15ක් knead කරන්න. Stand mixer එකේ නම් medium speed විනාඩි 7-10ක් knead කරන්න.
  4. මුල් විනාඩි 5 ගිය පසු ඉතිරි බටර් ටිකත් දමා ඉලාස්ටික් ගතිය දැනෙන තුරු අනන්න.
  5. ඇලෙන ගතිය ආවට පිටි වැඩිපුර දාන්න එපා.
  6. Dough එක තෙල් තැවරූ බාජනයක දමා තෙත රෙදි කෑල්ලකින් හෝ තෙල් ගෑ ඉටි කොලයකින් වසා උනුසුම් තැනක ප්‍රමාණය දෙගුණයක් වන තුරු තබන්න.
  7. ඉන්පසු පිටි තැවරූ මතුපිටක dough එක දමා අතින් තලමින් වාතය ඉවත් කර ගුලියක් සාදන්න.
  8. එය කෑලි 6කට කඩා ත්‍රිකෝණ හැඩයට තුනී කර රෝල් කරන්න. කිඹුලා කවත් ආකාරයකට හදන්න පුලුවන්. මුලින්ම කඩා වෙන් කරගත් පිටි ගුලිය සිහින් දිගැටි පටියක් සේ රෝල් කර තුනී කරන්න. එය කෙලවරක සීට ලොකු වේගෙන එන විදියට (කෝන් එකක් සාදන විදියට) ඔතාගෙන එන්න. මේ ආකාරයට කිඹුලාගේ දිගෙන් බාගයක් සෑදූ පසු නැවත කුඩා වීගෙන යන ආකාරයට ඔතා කෙළවර සිහින්ව අවසන් කර ගන්න.
  9. මේවා තෙල් කඩදාසියක් දැමූ තැටියක අඟල් 1 පමණ පරතරය ඇතිව තබා තෙල් ගෑ ඉටි කොලයකින් වසා උණුසුම් තැනක ප්‍රමාණය දෙගුණයක් වන තුරු තබන්න.
  10. එ්වා මතුපිට සීනි ඉසින්න.
  11. 200 oC (fan oven 180oC) රත් වූ oven එකක විනාඩි 15ක් පමණ (උඩ රන්වන් දුඹුරු පාට වන තුරු) බේක් කරන්න.
  12. අන්තිම විනාඩි 5දී මඳක් එළියට ගෙන තව සීනි ඉහින්න
  13. බේක් වු පසු එළියට ගෙන නිවෙන්න තියන්න.
නිවැරැදි ක්‍රමයට කිඹුලා බනිස් හදමු (Kibula Banis Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නිවැරැදි ක්‍රමයට කිඹුලා බනිස් හදමු (Kibula Banis Hadamu) නිවැරැදි ක්‍රමයට කිඹුලා බනිස් හදමු (Kibula Banis Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 29, 2021 Rating: 5

0 comments:

Post a Comment