Haadu Sulange Song Lyrics - හාදු සුළඟේ ගීතයේ පද පෙළ

Haadu Sulange Song Lyrics - හාදු සුළඟේ ගීතයේ පද පෙළ
Song Title : Haadu Sulange (හාදු සුළඟේ)
Singer : Amal Perera
Music : Sugath Hettiarachchi
Lyrics : Dhanushka Fernando
Mixing & Mastering - Pushpakumara Batangala (FOH Audio Studios)


හාදු සුළගේ දැවටිල්ලේ
මෝදු ඇල්මේ ඇවටිල්ලේ
දැනෙනා
හදට දැනෙනා
විකසිත සිහිනේ සරා

පිපුනාවේ පිපුනාවේ විහිදා
ඉපිලෙන්නේ කැල්මන් නුරා
මට හැගුනා
මට සිතුනා
මට කීවා රහසින් පවා

මල් පෙත්තෙ සියුමැල්ල
සිරුරම දවයි
ඉඩ නැද්ද විදගන්න දැන්

රත දත ඉරා
සිතියම් මකා
බඹරෙකු මල් පොද උරා

පිපුනාවේ පිපුනාවේ විහිදා
ඉපිලෙන්නේ කැල්මන් නුරා
මට හැගුනා
මට සිතුනා
මට කීවා රහසින් පවා

හිරි කොවන වදනකට
හැකිලෙන්නපා
කදුළැල් ඇයි
රූරා ගලා

හිනැහෙන්නකෝ
නැලවෙන්නකෝ
සතපාලා සනසන්නදෝ

පිපුනාවේ පිපුනාවේ විහිදා
ඉපිලෙන්නේ කැල්මන් නුරා
මට හැගුනා
මට සිතුනා
මට කීවා රහසින් පවා

හාදු සුළගේ දැවටිල්ලේ
මෝදු ඇල්මේ ඇවටිල්ලේ
දැනෙනා
හදට දැනෙනා
විකසිත සිහිනේ සරා

පිපුනාවේ පිපුනාවේ විහිදා
ඉපිලෙන්නේ කැල්මන් නුරා
මට හැගුනා
මට සිතුනා
මට කීවා රහසින් පවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Haadu Sulange Song Lyrics - හාදු සුළඟේ ගීතයේ පද පෙළ Haadu Sulange Song Lyrics - හාදු සුළඟේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 03, 2021 Rating: 5

0 comments:

Post a Comment