ඇත්තටම නියපොතු පෑගුණොත් දුප්පත් වෙනවද? ( Do You Really Get Poor If Your Nails Are Trampled? )

ඇත්තටම නියපොතු පෑගුණොත් දුප්පත් වෙනවද? ( Do You Really Get Poor If Your Nails Are Trampled? )
🤔😲‘‘පුතේ ඔය නියපොතු කපලා තැන තැන දාන්න එහෙම එපා.නියපොතු පෑගුණොත් දුප්පත් වෙනවා‘‘කියලා අපි නියපොතු කපන කොට වැඩිහිටියෝ කියනවා අහලා තියනවා නේද?🧐🤔😲

🤔ඇත්තටම නියපොතු පෑගුණොත් දුප්පත් වෙනවද?

✊මෙම මතයේ සැගවුණු පණිවිඩය නොදැන බොහෝ දෙනා දුප්පත් වීමට අකමැත්තෙන් අන්ධ විශ්වාසයකින් යුතුව කැපූ නිය නොපෑගෙන ස්ථානයකට දැමීමට කටයුතු කරනවා.

💠නමුත් මේ මතයේ සැගවී ඇති විද්‍යාත්මක කරුණ කුමක්ද?

🔸අපේ ශරීර සෞඛ්‍යය යහපත් මට්ටමක පවත්වා ගන්න නම් නිය පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත්.

💅වර්තමානයේ බොහෝ දෙනා විලාසිතාවක් ලෙස නියපොතු බොහෝ දිගට වැවුවත් ඒවායේ පිරිසිදුභාවය පිළිබද එතරම් සැලකිලිමත් වෙන්නේ නැහැ.

🩸දෑත්වල ඇති නියපොතු වලත් විෂබීජ රැදෙනවා.ඔයාලා දන්නවනේ කොහොමද අත්වල ඇති නියවල රැදුණු විෂබීජ ශරීර ගත වන්නේ කියලා.

🟢නිය කෑමෙන් හා දෑත් සේදීමකින් තොරව ආහාර ගැනීමෙන් වගේ අපි සිදුකරන ක්‍රියාකාරකම් වලින් ම තමයි. 

🟣ඒ වගේම දෑත්වල වගේම පාදවලත් තියන නියපොතුවල රැදුණු විෂබීජ සම මතුපිට තුවාලයක් වුණ ගමන්,සම මතුපිට කැසීමේදි ඇතිවන සීරිම්වලින් සිරුරට ඇතුළුවෙන්න පුළුවන්.

🟤ඉතින් මේ විෂබීජ ආසාදනය වුණාම උදරාබාධ මෙන්ම වෙනත් ලෙඩ රෝග රාශියක් ඇති වෙන්න පුළුවන්.ඒ විතරක් නෙවෙයි,නියපොත්තෙන් සිදුවූ සුළු තුවාලයක් ආසාදනය වීමෙනුත් බොහෝ පුද්ගලයන් මිය යනවා.

🔴ඒ වගේම දෑතේ නියවලට වඩා දෙපාවල විෂබීජ රැදීමට ඇති සම්භාවිතාව ගොඩක් වැඩියි.ඒ නිසා විෂබීජ රැදුණු කපා දැමූ නිය පෑගී තුවාල සිදුවෙන්න පුළුවන්.

🟣නියපොත්තක් පෑගිලා සුළු තුවාලයක් සිදු වුවත් සමහරු ඒ ගැන එතරම් අවධානයක් දක්වන්නේ නැහැ.

🍄ඒ වුණත් ඒ නියපොතුවල රැදි දරුණු විෂබීජ ආසාදනය වීමෙන් විවිධ ආසාදන ඇති වෙන්න පුළුවන්.ඒ හේතුවෙන් තුවාල දරුණු වෙන්න පටන් ගත්තම එයට ප්‍රතිකාර කරන්න බොහෝ මුදල් වැය වෙනවා.ඒ හේතුවෙන්,ඒ අදහසින් වෙන්න ඇති පැරැන්නන් නියපොතු පෑගුණාම දුප්පත් වෙනවා කියලා අදහස් කළේ.

🙏එබැවින් නියපොතු කැපූ පසු ඒවා නොපෑගෙන තැනකට දැමීම හොද පුරුද්දක් වශයෙන් පුරුදු කර ගමු.

⭕නියපොතු කැපූ කැපූ තැන දමන්නට ,නැතිනම් ඒවා නිය කටරයෙහිම තබන්නට බොහෝ දෙනා පුරුදු වී සිටිනවා.කැපූ කැපූ ස්ථානයේ නියපොතු දැමීමෙන් එය දකින කෙනා තුළ අප්‍රසන්න හැගීමක් ඇති වෙනවා.එය නිවසේ පිරිසිදු භාවයටද හානි කරනවා.

🟢නිවසේ කුඩා දරුවන් සිටීනම් ඔවුන්ගේ මෘදු දෙපාවලට ඒවා පෑගී තුවාල වීමටද ඉඩ තිබෙනවා.ඒ වගේම ඔවුන් නිය දුටුවිට මුඛයට ඇතුළු කරගැනීමට ඇති ඉඩකඩද වැඩියි.එනිසා කුඩා දරුවන් සිටින නිවෙස්වල කැපූ නියපොතු නිසි ලෙස ඉවත් කරන එක වැඩිහිටියන්ගේ වගකීමක්.

🥗ඒ වගේම නිවසේ ආහාර පිසින ගෘහණිය විශේෂයෙන්ම තම නියපෙළ පිරිසිදුව තබා ගන්න ඕන.මොකද එම පුද්ගලයා ආහාර පිසින විට නිය ආහාර සමග ගැටී ආහාර හරහා විෂබීජ ශරීරගත වෙන්න පුළුවන් නිසා.

😁🤝💅ඒ නිසා අද සිට නියපොතු පිරිසිදුව තබා ගැනීම වගේම කැපූ නිය නිසි පරිදි සුදුසු ස්ථානයකට දැමීමත් ඔබේ චර්යාවට ඇතුළු කරගන්න.

✍️දැනුම්පාරාදීසය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඇත්තටම නියපොතු පෑගුණොත් දුප්පත් වෙනවද? ( Do You Really Get Poor If Your Nails Are Trampled? ) ඇත්තටම නියපොතු පෑගුණොත් දුප්පත් වෙනවද? ( Do You Really Get Poor If Your Nails Are Trampled? ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 29, 2021 Rating: 5

0 comments:

Post a Comment