Dilisennata Patha Siwurak Song Lyrics - දිලිසෙන්නට පත සිවුරක් ගීතයේ පද පෙළ

Dilisennata Patha Siwurak Song Lyrics - දිලිසෙන්නට පත සිවුරක් ගීතයේ පද පෙළ
Song Title : Dilisennata Patha Siwurak (දිලිසෙන්නට පත සිවුරක්)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


දිලිසෙන්නට පත සිවුරක්
ගමන් වලට නිල රථයක්
ලේ තැවැරුණ මැතිඳු අතේ
ධවල පිරිත් නූලක් මං
හනික බඳිඤ්ඤං
කියන කරන හැමදේටම
එහෙයි කියඤ්ඤං
කියන කරන හැමදේටම
එහෙයි කියඤ්ඤං

උඩින් මඩින් තෑගි බෝග
තරු පහකින් රස මසවුළු
ඔබේ පැත්තේ මම වැඩ ඉඤ්ඤං
කවුරු කොහොම මොක කීවත්
සත් ගුණවත් ඔබට
ලකුණු අරගෙන දෙඤ්ඤං
අරගෙන දෙඤ්ඤං……

දිලිසෙන්නට පත සිවුරක්
ගමන් වලට නිල රථයක්
ලේ තැවැරුණ මැතිඳු අතේ
ධවල පිරිත් නූලක් මං
හනික බඳිඤ්ඤං
කියන කරන හැමදේටම
එහෙයි කියඤ්ඤං
කියන කරන හැමදේටම
එහෙයි කියඤ්ඤං

ඔබෙන් ලැබෙන සම්මානය
දොහොත් මුදුන් දී අරගෙන
ඔබට පිරිත් පැන් මතුරඤ්ඤං
සියක් වසක් රට කරන්න
අනේ අපේ ගැලවුම්කරු
ඔබයි කියඤ්ඤං
ඔබයි කියඤ්ඤං……

දිලිසෙන්නට පත සිවුරක්
ගමන් වලට නිල රථයක්
ලේ තැවැරුණ මැතිඳු අතේ
ධවල පිරිත් නූලක් මං
හනික බඳිඤ්ඤං
කියන කරන හැමදේටම
එහෙයි කියඤ්ඤං
කියන කරන හැමදේටම
එහෙයි කියඤ්ඤං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dilisennata Patha Siwurak Song Lyrics - දිලිසෙන්නට පත සිවුරක් ගීතයේ පද පෙළ Dilisennata Patha Siwurak Song Lyrics - දිලිසෙන්නට පත සිවුරක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 06, 2021 Rating: 5

0 comments:

Post a Comment