වයස අවුරුදු තිහ පැනලා නම් වකුගඩු ගැන පරිස්සමින් ( Be careful about the kidneys If You Are Over Thirty Years Old )

වයස අවුරුදු තිහ පැනලා නම් වකුගඩු ගැන පරිස්සමින් ( Be careful about the kidneys If You Are Over Thirty Years Old ) - Your Choice Way
✅ මිනිස් සිරුරේ පවතින අපද්‍රව්‍ය බැහැර කරන ප්‍රධාන (බහිස්ස්‍රාවීය) ඉන්ද්‍රිය වන්නේ වකුගඩුවයි. අත්ල තද කළ විට ප්‍රමාණයෙන් සමාන වකුගඩු, බෝංචි ඇටයක හැඩය ගන්නා අපූරු අවයවය ද වේ. ශරීරයේ ඉල ඇටවලට යටින් කොඳු ඇට පේළියට දෙපසින් උදර කුහරය තුළ මෙම වකුගඩු යුගලය පිහිටා තිබේ.

✅නිරෝගී වකුගඩුවල කාර්යභාරය

⭕ මුත්‍ර නිපදවීම

⭕ අපද්‍රව්‍ය කොටස්, විෂ රසායනික සහ වැඩිපුර ජලය බැහැර කිරීම

⭕ ශරීරයේ ජලීය සහ ලවණ පදාර්ථවල සමතුලිතතාවය රැකගැනීම

⭕ රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම

⭕ විටමින් D නිපදවීමට දායකවීම සහ එමඟින් අස්ථි ශක්තිමත් කිරීම

⭕ රුධිර සෛල නිපදවීමට දායක වීම

✅ වකුගඩු යුගල ක්‍රියා කරන ආකාරය

⭕ අප ආහාර අනුභව කළ විට පෝෂණ කොටස් සහ අපද්‍රව්‍ය ලෙස ජීර්ණයේදී කොටස්වලට වෙන්කෙරේ. පෝෂණ කොටසින් ශරීරයේ වර්ධනය/නඩත්තුව සිදුවන අතර අපද්‍රව්‍ය කොටස ශරීරයෙන් ඉවත් කෙරේ. ඉන් කොටසක් මළපහ ලෙසත්, කොටසක් මුත්‍ර ලෙසත් තවත් සුළු කොටසක් දහදිය ලෙසත් ශරීරයෙන් පිට කෙරේ.

⭕ මුත්‍ර මඟින් බැහැර වන අපද්‍රව්‍ය කොටසේ කාර්යභාරය සිදු කරන්නේ වකුගඩු යුගලයි. අපගේ ශරීරයේ සම්පූර්ණ රුධිරය නිරන්තරයෙන්ම වකුගඩු හරහා පෙරීමකට ලක් කෙරෙන අතර ඉන් අපද්‍රව්‍ය කොටස් මුත්‍ර ලෙස බැහැර කෙරේ. පෝෂ්‍ය කොටස නැවත රුධිරයට මුදා හැරේ.

✅ වකුගඩු යුගලය නිසි අයුරින් ක්‍රියා නොකරන විට

⭕මෙහිදී ශරීරයෙන් පිටවිය යුතු අපද්‍රව්‍ය ශරීරය තුළ තැන්පත් වීම සිදුවේ. එනම් යූරියා (Urea) සහ  ක්‍රියටනීන් (creatinine) මෙලෙස තැන්පත් වීම සිදුවේ.

⭕ශරීරයෙන් පිට නොවිය යුතු අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ශරීරයෙන් පිටවීම සිදුවේ. එනම්, ප්‍රෝටීන (Albumin) ග්ලුකෝස් මෙලෙස මුත්‍රා සමඟ පිටවීමට පටන් ගනී.

⭕ලවණ පදාර්ථවල අසමතුලිතතාවයක් හටගැනීම ද සිදුවේ. (සෝඩියම් N, පොටෑසියම් K)

⭕බැහැර කරන සහ නිපදවන මුත්‍ර ප්‍රමාණය අඩු වීම නිසා ශරීරය තුළ ජල පදාර්ථ එකතු වීම සිදු වන අතර රුධිර පීඩනය ඉහළයාම සිදුවේ. එසේම පාද මෙන්ම ශරීරය ඉදිමීම ද සිදුවේ.

⭕රුධිර සෛල සහ හිමොග්ලෝබින් (Hemoglobin) නිපදවීම අඩුවීම ද සිදුවේ.

⏩දිගු කාලීනව පවතින වකුගඩු රෝගය පිළිබඳව දැනුවත් වීම ඉතා අවශ්‍ය වන අතර, මෙහි ප්‍රභේද තුනක් පවතී.

01. උතුරු මැද පළාතේ දැනට ශීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතින නිදන්ගත කාලීන වකුගඩු රෝගය (Chronic Kidney Disease)
වර්ෂ 2000දී පමණ සිදු කළ පරික්‍ෂණයකින් අනතුරුව මෙම ප්‍රදේශයන්හි වකුගඩු රෝගය වැළඳුණු රෝගීන් විශාල පිරිසක් හඳුනාගන්නා ලදී. එතැන් පටන් එලෙස හඳුනාගත් සියලුම රෝගීන්ගේ සුවපත් භාවය උදෙසා කළ හැකි සියලු පරීක්‍ෂණ හා ප්‍රතිකාර කටයුතු අඛණ්ඩවම මේ වන තෙක්ම රජය විසින් ඉටු කරමින් සිටී. මේ සඳහා ජාතික ආදායමෙන් විශාල පිරිවැයක් වෙන් කරඇති අතර අවශ්‍ය රෝහල්, ශල්‍යාගාර, ඖෂධ හා වෛද්‍ය සේවාවන් ද පුළුල් කොට ඇත.

02. දියවැඩියාව සහ අධිරුධිර පීඩනය වැළදීම හේතුකොට ගෙන ඇතිවන වකුගඩු රෝගය 
මෙය ලෝකයේ බහුතර පිරිසක් වකුගඩු රෝගීන් බවට පත්කරන නිහඬ මාරයා ලෙස අර්ථ ගන්වා ඇත. ශ්‍රී ලංකාවට ද එය පොදු වේ. බෝ නොවන රෝග අතරින් අංක එකේ ගණයට වැටෙන දියවැඩියාව රෝගයේ සමීපතම ඥාතියෙකු සේ මෙම රෝගී අවස්ථාව මතුවේ. දියවැඩියාව රෝගය නිට්ටාවටම සුව කරගැනීමට නොහැකි අතර කළ හැක්කේ පාලනය කිරීමක් පමණි. එබැවින් දියවැඩියාව, අධිරුධිර පීඩනය පවතින රෝගීන් හැකි තරම් තම වකුගඩු යුගලය පිළිබඳව මනා සැළකිලිමත් විය යුතු අතර ඒ සඳහා දැනුම්වත් වී පරීක්‍ෂණවලට යොමු වීමෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට හැකිවනවා ඇත.

03. ශරීරයේ ඇතිවන රෝගාබාධයක් හේතුවෙන් වකුගඩුවලට බලපෑමක් ඇති වීමේ අවස්ථාවක්. එනම් යම්කිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇතිවන අතුරු ප්‍රතිඵලයක් ලෙස වකුගඩු පද්ධතියට හානි සිදු වීම, විෂබීජයක් වකුගඩු ආක්‍රමණය කිරීම, වකුගඩු රෝගයෙන් පෙලී සිටින විට ඒ සඳහා අඛණ්ඩව ප්‍රතිකාර නොගැනීම සහ ඇල්මැරුණු ප්‍රතිකාර සඳහා යොමුවීම වැනි හේතු නිසා ඉහත සඳහන් කළ වකුගඩු රෝගී අවස්ථාවට මුහුණ පෑමට සිදුවේ.

මීට අමතරව වකුගඩු ආශ්‍රිතව ගෙඩි ඇතිවීම වැනි ආසාදිත තත්ත්වයන්, සෘජුවම වකුගඩු අකර්මණ්‍ය වීමට බලපාන අතර පවුලේ ඥාතියෙකු වකුගඩු රෝගයෙන් පෙළෙන්නේ නම් සෙසු සාමාජිකයන්ට ද එහි බලපෑමක් තිබෙන බැවින් පරීක්‍ෂණ සඳහා යොමුවීම අත්‍යවශ්‍යය.

✅ වකුගඩු රෝගයකින් පෙළෙන බව හඳුනාගන්නේ කෙසේ ද?

වකුගඩු රෝගීවන්නේ යැයි පැවසෙන ඉඟි කිහිපයක් ඉහතින් සඳහන් කරඇති අතර, එම අවස්ථාව වනවිටත් වකුගඩු රෝගීන් බවට පත් වී හමාරය. එබැවින් ඉහත රෝග ලක්‍ෂණ එකක් හෝ දෙකක් දැනෙන්නට පටන් ගැනීමටත් පෙර එනම්, ඔබ නීරෝගීව සිටියදීම ඔබගේ වකුගඩු පිළිබඳව පරීක්‍ෂාවකට ඔබ යොමු වීම වැදගත්ය. මෙහිදී ඔබට පරීක්‍ෂණ කිහිපයකට යොමු වීමට සිදුවේ.
🔅අධි රුධිර පීඩනය මැන බලාගැනීම
🔅රුධිරයේ ක්‍රියටනීන් පරීක්‍ෂාව
🔅අවදි වීමෙන් පසුව උදේම ලබාගන්නා ප්‍රථම මුත්‍රා සාම්පලය පරීක්‍ෂා කිරීම (Urine ACR)
ඉහත පරීක්‍ෂණ තුනම සිදුකර ගැනීම අවශ්‍යය. මෙහිදී වඩාත් අවධානයට යොමු කළ යුතු වන්නේ අධි රුධිර පීඩන පරීක්‍ෂාවයි. එනම්, මෙම තත්ත්වයෙන් යම් අයෙක් පෙළෙන්නේ නම් ඔහු හෝ ඇය වකුගඩු රෝගියෙකු  වීමේ තත්ත්වයට අවධානමක් දරන අයකු වේ. කෙටියෙන් පැවසුවහොත් අධි රුධිර පීඩනය වැළඳුණු අයෙකුගේ වකුගඩු, රෝගී වීමේ අවධානමේ පසුවේ.

✅ වකුගඩු පරීක්‍ෂාව සිදුකර ගැනීමේ වැදගත්කම

⭕ විශේෂයෙන්ම තරුණ වියේ පසුවන අයකු (අවුරුදු 30ක් පමණ) අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නේ නම් වකුගඩු පරීක්‍ෂාව සිදුකර ගැනීම අනිවාර්යය.

⭕ ඔබගේ රුධිර පීඩනයේ සාමාන්‍ය අගය වන 80-120 අතර පරාසයේ සිටියදී යම්කිසි සැකයක්, කුකුසක් පවතින්නේ නම් පවුලේ හෝ රජයේ රෝහල් වෛද්‍යවරයකු හමු වී තමාගේ වකුගඩු පිළිබඳව නිර්දේශයක් ලබාගැනීමට යොමු වීම ඉතා වැදගත්ය. එය ඉදිරියේදී ඇතිවිය හැකි ව්‍යසනයක් නවත්වා ගැනීමේ මූලික පියවර වනවාට ද සැක නැත. රජයේ රෝහලකදී වියදමකින් තොරව මෙම වකුගඩු පරීක්‍ෂා කරගැනීමේ පරීක්‍ෂණ කරගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය අවශ්‍ය පසුබිම සකසා දී තිබීම ද සතුටට කරුණකි.  එබැවින් රෝග ලක්‍ෂණ පහළ වන තෙක් නොසිට ඔබ අවුරුදු 30ට වැඩි පුද්ගලයෙකු නම් ඔබේ වකුගඩු පරීක්‍ෂා කරගැනීමේ වරම ඔබට හිමි වී තිබේ. ඒ අයිතිය ඔබ ලබාගැනීමෙන් අනාගතයේ ඇති විය හැකි සෝචනීය අඳුරු ව්‍යසනයක් ඔබට ඉතා පහසුවෙන් මර්දනය කළ හැකි වනු ඇත.

⭕ විශේෂයෙන්ම කුඩා දරුවන් සිටින මා පියන්ගේ වගකීමක් වශයෙන් ද මෙම වකුගඩු පරීක්‍ෂාව සඳහන් කළ හැකිය. දරුවන්ගේ නීරෝගී බව වෙනුවෙන්.

⏩ආයුර්වේදයේ දිව ඔසු මඟින් වකුගඩු රෝග සුව කරන හැටි.....

⭕ මුත්‍රාඝාත රෝගයට ප්‍රතිකාර සඳහා යොදා ගන්නා විශේෂිත ශාක ඖෂධ :-
• හීන් නෙරෙංචි
• ඊතණ
• උක්
• ඉලුක්
• රණ උණ
• වැලුක්
• කටුවැල් බටු
• අස්සැන්න 
• පොල්පලා 
• එළබටු මුල් 
• වැල් කහඹිලියා 
• රණවරා 
• මා දං
• සාරණ
• එනසහල් 
• ඇත්දෙමට 
• කොත්තමල්ලි
• බැබිල
• රසකිඳ
• නීරමුල්ලිය 

⭕ වකුගඩු රෝග වළක්වා ගැනීමට ගත හැකි ආහාර වර්ග :-
⏩ පැරණි සහල් වල බත් 
⏩කුරුලුතුඩ සහල් වල බත්
⏩හීනටි සහල් වල බත් 
⏩මඩතවාලු සහල් වල බත්
⏩රත්හැල් සහල් වල බත්
⏩පිරිසුදු ජලය පානය කරන්න.

⭕  වස විස නැති පහත පලතුරු ආහාරයට ගන්න.
• වෙරළු
• නෙල්ලි
• ගඩුගුඩා
• මැංගුස් 
• මාදං
• වැල
• වරකා
• පේර
• ගල්සියඹලා
• මසන්
• උගුරැස්ස 
• අත්තික්කා ගෙඩි
• දිවුල්
• දූරියන් 
• අනෝදා
• දොඩං
• නාරං
• උක්

⭕ වස විස නැති පහත පලා වර්ග ආහාරයට එකතු කරගන්න. :-
• ගොටුකොළ
• මුගුණුවැන්න 
• සාරණ 
• නිවිති 
• පොල්පලා 
• රණවරා කොළ 
• කෝප්ප කොළ
• හිරි අඟුණ 
• තිත්ත අඟුණ
• වැල් කොහිල 
• ගිරා පලා 
• මඩු දළු 
• ලබු දළු 
• වට්ටක්කා දළු 
• මැල්ල කොළ
• ඇඹුල් ඇඹිලිය
• බතල දළු 
• මඤ්ඤොක්කා කොළ 
• අක්කපාන කොළ
• පැණි තෝර කොළ 
• ඇත්තෝර කොළ
• උඳුපියලිය දළු
• මුරුංගා කොළ 
• කතුරුමුරුංගා කොළ 
• මදටිය කොළ 
• පැෂන් ෆෘට් කොළ 

⭕ වස විස නැති පහත එළවළු වර්ග ආහාරයට එක්කර ගන්න.
• ජලය බහුල එළවළු
උදා :- 
• කැකිරි 
• පුහුල් 
• පිපිඤ්ඤා 
• පතෝල 
• වැටකොළු 
• බණ්ඩක්කා 
• තියඹරා 

කැකිරි වර්ග කීපයක් ඇත ඒ සියල්ලම මුත්‍රා රෝග සඳහා ඉතාම සුදුසුයි විශේෂයෙන්ම කැකිරි ඇටවල මුත්‍රා ගල් නැති කිරීමේ විශේෂ ගුණයක් ඇත එබැවින් කැකිරි පිසීමේදී කැකිරි ඇටද අඹරා ව්‍යාංජනයට දමා පිස ගැනීමට අපේ මුතුන් මිත්තෝ අපට කියා දී ඇත 

✅ ආයුර්වේද ඖෂධ භාවිතය නිසා වකුගඩු නරක් වෙනවා ද?

කිසිසේත්ම නැත. ස්වභාවධර්මය විසින් අපට දායාද කර ඇති ස්වාභාවික ඖෂධීය ශාක භාවිතා කර නිසි ප්‍රමිතියට සකසන ලද දේශීය ඖෂධ හා ආයුර්වේද ඖෂධ වල වකුගඩු වලට හෝ අක්මාවට අහිතකර බලපෑම් සිදුනොකරන බව ආයුර්වේද ඖෂධ වල වකුගඩු හා අක්මාවට අහිතකර බලපෑම් සිදු නොකරන බව අවිවාදයෙන්ම කිව යුතුය. නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ චර්ම රෝග සායනය තුළ සිදුකරන ලද පර්යේෂණයකට අනුව අවුරුදු එකකට නොඅඩු කාලයක් ආයුර්වේද ඖෂධ ( අරිෂ්ට,ගුලි, කල්ක, කෂාය, චූර්ණ, ආලේපන ) නොකඩවා ලබාගත් සායනික රෝගීන්ගේ අක්මාව හා වකුගඩු පිළිබඳ රුධිර පරීක්ෂණ වලට භාජනය කිරීමෙන් අනතුරුව ලබාගත් පර්යේෂණ ප්‍රතිඵල වලින් කිසිම හානියක් සිදු නොවන බව පර්යේෂණාත්මකව හෙළිදරව් කරගෙන ඇත. 

🚫👉 සැළකිය යුතුයි :-

දේශීය වෛද්‍ය ක්‍රමයේදී ලබාදෙන අරිෂ්ඨ, කෂාය ආදිය වෛද්‍ය උපදෙස් වලින් තොරව හිතුමතේ අධි මාත්‍රා වලින් දිගුකාලයක් ඔස්සේ භාවිතා කිරීම නිසා විවිධ රෝගාබාධයන්ට ගොදුරුවීම සිදුවිය හැකියි. මෙය ආයුර්වේද ඖෂධ වලට පමණක් නොව බටහිර වෛද්‍ය ක්‍රමයේදී ඔබට ලබාදෙන සිරප්, ඖෂධ පෙති හා ඖෂධ කරල් වලට ද අදාළ වන කාරණයකි.

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වයස අවුරුදු තිහ පැනලා නම් වකුගඩු ගැන පරිස්සමින් ( Be careful about the kidneys If You Are Over Thirty Years Old ) වයස අවුරුදු තිහ පැනලා නම් වකුගඩු ගැන පරිස්සමින් ( Be careful about the kidneys If You Are Over Thirty Years Old ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 05, 2021 Rating: 5

0 comments:

Post a Comment