Awasarayi Amme Song Lyrics - අවසරයි අම්මේ ගීතයේ පද පෙළ

Awasarayi Amme Song Lyrics - අවසරයි අම්මේ ගීතයේ පද පෙළ
Song Title : Awasarayi Amme (අවසරයි අම්මේ)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)


මාල හතක් හැඩ කල කර වට ඇයගේ
මුතු පාටට දිලුනේ ඔසරිය නෙරිය ඇගේ
වත්සුනු තවරලා හැඩ කල මුහුණ අගේ
ලස්සන මනාලිය වී ඇය සිටිය අගේ

ඉරයි හදයි හිස සරසා දිලෙන කල
හොද හැටි දිලිසුනා රන්වන් වලලු පෙල
සුකොමල ඇගේ වත කමලේ කොමල කල
ඔසරි පොටේ රැඳුණේ සුන්දර වත කමල

පිය සෙනෙහේ අහිමිව ගිය කාලේ පටන්
දුකක් නොදී සිටියා ඈ තුරුල් කරන්
පිය සෙනෙහේ නැති අඩු පාඩුව නොකරන්
අම්මා හැදුවේ මා ඇස් දෙක ඇතුලේ තියන්

මනාලියක් වී නිවසින් යන වේලේ
දෑසේ රැදුන කදුලැලි ගඟ ගලන වෙලේ
පෙව් කිරි වලට ණය ගෙවුමට යන වේලේ
දැනුනා මහමෙරක් සේ දුක ඒ වේලේ

ළඟින් ඉදන් දුක සැප නිති සොයා බැලූ
අම්මේ වාසනාවන් මට ඔබම පැතූ
මතුයම් සසරෙදී මට මතු ලැබෙන තුරු
සෙනෙහෙන් හිදින්නම් ඔබ හට මියෙන තුරු...

දුලා..✍️

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Awasarayi Amme Song Lyrics - අවසරයි අම්මේ ගීතයේ පද පෙළ Awasarayi Amme Song Lyrics - අවසරයි අම්මේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 01, 2021 Rating: 5

0 comments:

Post a Comment