ලොව උසම දියඇල්ල - වෙනිසියුලාවේ ඒන්ජල් (Angel Of Venezuela)

ලොව උසම දියඇල්ල - වෙනිසියුලාවේ ඒන්ජල් (Angel Of Venezuela) - Your Choice Way
දකුණු ඇමෙරිකාවේ ගිණිකොණ දිග වෙනිසියුලාවේ "කරාඩි" නදියෙන් උපත ලබන ඒන්ජල් ලොව උසම දිය ඇල්ලයි. 

මෙහි උස අඩි 3212 කි. වෙනිසියුලානුවන් "සාල්තෝ සියුජල්" නමින් මෙම දියඇල්ල හඳුන්වති. 

ඒන්ජල් දියඇල්ල සොයාගැනීමේ පුරාවෘත්තය වර්ෂ 1935 දී සිදුවූවකි. 

ගුවන් නියමුවෙකු වූ "ජිමී ඒන්ජල්" රත්තරන් නිධි පිළිබඳව සොයා යන අතරතුර තනිව ඉහළට නැගුණු කන්දක්‌ දැක එම කඳු මුදුනේ වූ සුවිශේෂ ප්‍රදේශයකට ගුවන් යානාව ගොඩබසුවනු ලැබීය. 

මේ මනස්‌කාන්ත දිය ඇල්ලේ අලංකාරයෙන් වශීවුණු ජිමී ට තම ගුවන් යානාව නැවත පණගැන්වීමටද නොහැකිවීමත් විශේෂ සිදුවීමකි. 

ගුවන් යානාව මේ සොයාගැනීම වෙනුවෙන් සිහිවටනයක්‌ සේ එහිම තබා පැමිණි ජිමී මුල් වරට මේ දියඇල්ල පිළිබඳ තොරතුරු ලොවට හෙළිකළා. 

ජිමීට කෘතගුණ සැලකීමක්‌ ලෙස ලෝ වැසියන් මීට නම් තැබුවේ ඒන්ජල් නමින්. 

ගයනාවේ උස්‌බිම්වලට ඇදහැලෙන වර්ෂා ජලයෙන් නිර්මාණය වන ඒන්ජල් දියඇල්ල වෙනිසියුලාවේ ජාතික සම්පතක්‌ ලෙස සැලකේ.
ලොව උසම දියඇල්ල - වෙනිසියුලාවේ ඒන්ජල් (Angel Of Venezuela) - Your Choice Way

ලොව උසම දියඇල්ල - වෙනිසියුලාවේ ඒන්ජල් (Angel Of Venezuela) - Your Choice Way

ලොව උසම දියඇල්ල - වෙනිසියුලාවේ ඒන්ජල් (Angel Of Venezuela) - Your Choice Way

ලොව උසම දියඇල්ල - වෙනිසියුලාවේ ඒන්ජල් (Angel Of Venezuela) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලොව උසම දියඇල්ල - වෙනිසියුලාවේ ඒන්ජල් (Angel Of Venezuela) ලොව උසම දියඇල්ල - වෙනිසියුලාවේ ඒන්ජල් (Angel Of Venezuela) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 04, 2021 Rating: 5

0 comments:

Post a Comment