Adara Wedilla Song Lyrics - ආදර වෙඩිල්ල ගීතයේ පද පෙළ

Adara Wedilla Song Lyrics - ආදර වෙඩිල්ල ගීතයේ පද පෙළ
Song Title : Adara Wedilla (ආදර වෙඩිල්ල)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


හීරෙනා පපුව දිගේ
වේදනා කන්ද වගේ
නුඹ ළඟින් උන්නු දිනේ
දින පොතේ ලිව්වා මා

ආදර වෙඩි උණ්ඩයෙන් මිය යමු තුටින්
පෑරෙන මතකය අරන් සමරමු දිනක්
ඔබ ඉන්න මානේ ඔහු ඉන්නවානේ
අපි මවපු ගින්නේ අපි දැවෙනවානේ
මා කළ පවත් ඔබ කළ පවත් ඔහු කළ පවත් සසරේ දිගත්

හුස්මට උනත් පෑරෙනා හිතක උරුමේ
ඇති නුඹට මා දුන් එදා
ඔහු හා මමත් ඔබට පෙම් කරන අරුමේ
තැවුනේ ඔබයි සෑම දා
විසඳන්න නෑ තව දුකක් ජීවිතේ
විඳවන්න බෑ තව ගොඩක් ආදරේ
මා කළ පවත් ඔබ කළ පවත් ඔහු කළ පවත් සසරේ දිගත්

මිය යමු ඉතින් ආදර වෙඩි උණ්ඩ වැස්සේ
ඔබ ළඟ එදත් ඉන්නවා
ලෝකය කියයි දිනෙක ආදර කතාවේ
අතරේ අපිත් ඉන්නවා
විසඳන්න නෑ තව දුකක් ජීවිතේ
විඳවන්න බෑ තව ගොඩක් ආදරේ
මා කළ පවත් ඔබ කළ පවත් ඔහු කළ පවත් සසරේ දිගත්
මා කළ පවත් ඔහු කළ පවත් ඔබ කළ පවත් සසරේ දිගත්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adara Wedilla Song Lyrics - ආදර වෙඩිල්ල ගීතයේ පද පෙළ Adara Wedilla Song Lyrics - ආදර වෙඩිල්ල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 02, 2021 Rating: 5

0 comments:

Post a Comment