Waradi Dawasaka Nubata Man Gana Premayak Athiwela Thibuna Song Lyrics - වැරදි දවසක නුඹට මං ගැන ප්‍රේමයක් ඇතිවෙලා තිබුණා ගීතයේ පද පෙළ

Waradi Dawasaka Nubata Man Gana Premayak Athiwela Thibuna Song Lyrics - වැරදි දවසක නුඹට මං ගැන ප්‍රේමයක් ඇතිවෙලා තිබුණා ගීතයේ පද පෙළ
Song Title : Waradi Dawasaka Nubata Man Gana Premayak Athiwela Thibuna (වැරදි දවසක නුඹට මං ගැන ප්‍රේමයක් ඇතිවෙලා තිබුණා)
Lyrics : Kaushalya Sewwandi (කෞෂල්‍යයා සෙව්වන්දි)

අහස කළුකර හඬන දවසක
නුඹේ උණුහුම තදට වින්දා..
මල් අඟින් රොන් බඹරුන් ගෙන යන
දුර දිහා තනියෙන්ම බැලුවා..
දෑත දිගු කර යදින්නට නුඹ
හිතට තව දිරි නැතිම හින්දා..
හිතක් ඉකි දී හඬද්දි ම මම
නුඹව ඒ මැද තියලා මැරුවා....

මඟම බොඳ කර ගලන්නට එන
කඳුළු ගෙන ඇස් අගින් පිසදා..
කඳුළටත් මම ආයෙ නෑවිත්
දුරක වී ඉන්නටම කිව්වා..
මතක එක දෙක ගෙනත් සබයට
අසන්නට දේ නොමැති හින්දා..
තීන්දුව නොකියාම නඩුවේ
කටයුත්ත අවසන්ම කෙරුවා...

පසුවදන නැති කතාවක් අපි 
පටුන එක්කම ලියලා තිබුණා..
ඒ මැදින් පිටු දෙක තුනක්
කඳුළින් ම ලාවට තෙමිලා තිබුණා..
ඉරුණු පිටු එක් කරන් පපුවට 
තවත් දුක්ගිනි කුමට හින්දා..
නුඹත් එක්කම මතක පොත ගෙන
ඒ ලගින් ගිනි ගොඩක් ගැහුවා....

KS

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Waradi Dawasaka Nubata Man Gana Premayak Athiwela Thibuna Song Lyrics - වැරදි දවසක නුඹට මං ගැන ප්‍රේමයක් ඇතිවෙලා තිබුණා ගීතයේ පද පෙළ Waradi Dawasaka Nubata Man Gana Premayak Athiwela Thibuna Song Lyrics - වැරදි දවසක නුඹට මං ගැන ප්‍රේමයක් ඇතිවෙලා තිබුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 05, 2021 Rating: 5

0 comments:

Post a Comment